Reported Journalist:Zamil Shafeek

තමිල්නාඩු ප්රාන්ත මැතිවරණයේ ප්රතිඵල ක්රමයෙන් නිකුත් වෙමින් පවතින අතර, මුල් ප්රතිඵල අනුව ඉන්දීය සුපිරි නළු විජේ නියෝජනය කරන තමිලග වෙට්රි කලගම් පක්ෂය පෙරමුණට පැමිණ තිබේ.
පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී කොට්ඨාස 234න් 107ක ජය හිමිකර ගනිමින් විජේගේ පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සමඟ සන්ධානගත ADMK සන්ධානය වන අතර, ඔවුන් මේ වනවිට ආසන 75ක් දිනාගෙන ඇත.
මෙවර මැතිවරණයේදී පෙර බලයේ සිටි එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු DMK සන්ධානයට ලබාගත හැකිව ඇත්තේ කොට්ඨාස 52ක ජයග්රහණයක් පමණි.ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්රාන්ත සභාවේ බලය පිහිටුවීමට අවම වශයෙන් ආසන 118ක් ජයගත යුතු අතර, ඒ සඳහා විජේගේ පක්ෂය තව ආසන කිහිපයක් පමණක් අවශ්ය වන තත්ත්වයක පවතී.













Discussion about this post