Reported Journalist:Zamil Shafeek

උත්සව සමයට අමතර දුම්රිය සේවාවක්.නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එහිදී අද (24) ප.ව. 03.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙයි.
තවද, කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රිය එළැඹෙන (25) සහ (28) යන දිනවල ධාවනයට සැලසුම් කර ඇත.මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09 කින් සමන්විත බව සඳහන්ය.












Discussion about this post