Reported Journalist:Zamil Shafeek

කොළඹ සහ අවට ප්රදේශ රැසක ජල සැපයුම පැය 24ක කාලයක් සඳහා අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව හෙට (03) රාත්රී 8.00 සිට සිකුරාදා (04) රාත්රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන අතර, අඹතලේ ජල පවිත්රාගාරයේ සිදුකිරීමට නියමිත අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.ජල කප්පාදුවට නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්රදේශ ඇතුළත් වේ.එමෙන්ම සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්රදේශවලටද මෙම බලපෑම පවතිනු ඇත.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන ජල සම්පාදන මණ්ඩලය, අදාළ කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.













Discussion about this post