Reported Journalist:Zamil Shafeek

ශ්රී ලංකාවේ ණයබරතාව ඉහළ ගොස් ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බව මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
ණය ප්රමාණය සංඛ්යාත්මකව ඉහළ යාම සහ රටක ණය ගැනීමේ හැකියාව ඉහළ යාම ආර්ථික විද්යාත්මකව එකිනෙකට වෙනස් කරුණු දෙකක් බව අමාත්යවරයා පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ ණයබරතාව සංඛ්යාත්මකව මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙසද පහළ ගොස් ඇති බව සඳහන් කළ ඔහු, දේශපාලන චෝදනා එල්ල කිරීමේදී ඒවා නිවැරදි සංඛ්යාලේඛන මත පදනම් විය යුතු බව අවධාරණය කළේය.
2025 දෙසැම්බර් වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස ශ්රී ලංකාවේ ණයබරතාව 95%ක් ලෙස පැවති බවත්, එය 2032 වසර වන විට ළඟා කර ගැනීමට අපේක්ෂා කළ ඉලක්කයක් බවත් අමාත්යවරයා සඳහන් කළේය.
එම ප්රතිශතය 2026 ජූනි මාසය වන විට 88.8% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද අනිල් ජයන්ත ප්රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය













Discussion about this post