• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකරන ලද පොකුණුවිට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඊයේ (22) ජනතා අයිතියට පත් කෙරිණි.තැපැල් සේවාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම් ආරම්භ කළ නව තැපැල් කාර්යාල 17 අතරින් ජනතා අයිතියට පත් කළ 11 වැනි තැපැල් කාර්යාලය මෙය බව සඳහන් වේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මීට අමතරව තැපැල් කාර්යාල 209ක් නවීකරණය කිරීම සඳහාද රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර ඇති අතර, එම නවීකරණ කටයුතු අවසන් කර තිබේ.නවීකරණය කරන තැපැල් සේවාව සාම්ප්‍රදායික තැපැල් කටයුතුවලට පමණක් සීමා නොකර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රය සවිබලගන්වන ආර්ථික යටිතල පහසුකම් පද්ධතියක් බවට පත් කිරීම අරමුණ බව මෙහිදී ප්‍රකාශ කෙරිණි.

එමෙන්ම හොරණ නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින් පොකුණුවිට ප්‍රදේශය උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමටද අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, ඉංගිරිය නව කර්මාන්ත කලාපය, කහතුඩුව–ඉංගිරිය අධිවේගී මාර්ග කොටස සහ හොරණ රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස සංවර්ධනය කිරීම හරහා ප්‍රදේශයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වේගවත් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කෙරිණි.

තැපැල් සේවාවේ භෞතික පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා 2026 වසරට රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කර ඇති අතර, ඒ යටතේ නව තැපැල් කාර්යාල 7ක්, උප තැපැල් කාර්යාල 6ක් සහ බහුකාර්ය ගොඩනැගිලි 2ක් ඉදිකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Previous Post

රුපියල් කෝටි 7කට අධික ගංජා කිලෝ 1,044ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

Discussion about this post

RECOMMENDED NEWS

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස වැටලීමට රජය සූදානම්

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස වැටලීමට රජය සූදානම්

5 months ago
පානදුර වලාන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියයයි

පානදුර වලාන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියයයි

3 months ago
2026 Eoullim K-Culture Festival to Celebrate Korea–Sri Lanka Friendship

2026 Eoullim K-Culture Festival to Celebrate Korea–Sri Lanka Friendship

3 months ago
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළට

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology