Reported by: MUSHARRAF HUSSAIN

ශ්රී ලාංකීය සංචාරක ක්ෂේත්රය ජාත්යන්තර තලයේ ඉහළම ඇගයීමට ලක් කරමින්, 2026 වසරේ සංචාරය කිරීමට සුදුසුම ලොව හොඳම දූපත් ගමනාන්තය (Best Island Destination) ලෙස ශ්රී ලංකාව අභිෂේක ලබා තිබේ.
ප්රකට ජාත්යන්තර සංචාරක මාධ්ය ජාලයක් වන Big 7 Travel විසින් ප්රකාශයට පත් කරන ලද “ලොව හොඳම දූපත් 50” වර්ගීකරණයේ ප්රථම ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර සිටියි.
ශ්රී ලංකාව පෙරමුණට රැගෙන ආ බලකණුගෝලීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් ශ්රී ලංකාව මෙම ලැයිස්තුවේ අංක එකට පත්වීමට ප්රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ රට සතු සුවිශේෂී ස්වාභාවික සහ සංස්කෘතික දායාදයන්ය.
ඒ අතරින් කිහිපයක් මෙසේය:
•නිල්වන් වෙරළ තීරය: සැතපුම් 833ක දිගින් යුත් මනරම් වෙරළ තීරය.
•උඩරට සිරිය සහ තේ වගාව: දර්ශනීය මධ්ය කඳුකරය සහ ලෝකප්රසිද්ධ තේ වතු යායන්.
•උරුමය සහ ජෛව විවිධත්වය: පොහොසත් සංස්කෘතික උරුමය සහ සුවිශේෂී ජෛව විවිධත්වය.
•වනජීවී සහ ඓතිහාසික ආකර්ෂණය: යාල ජාතික වනෝද්යානය සහ යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන සීගිරිය.
උණවටුන වෙරළ තීරයටත් ජාත්යන්තර ගෞරවයක්ශ්රී ලංකාව ලැබූ මෙම අද්විතීය ජයග්රහණයට අමතරව, මෙරට සංචාරක ක්ෂේත්රයට තවත් සුවිශේෂී ඇගයීමක් හිමිව තිබේ. ඒ අනුව, ලොව හොඳම වෙරළ තීරයන් 50 (Best Beaches) වර්ගීකරණය යටතේ ලංකාවේ උණවටුන වෙරළ තීරය ලෝකයේ 26 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
_













Discussion about this post