Reported by: Musharraf Hussain

එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිස්ත්රික්ක 7කට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස 35ක පුද්ගලයින් 115,534දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය පවසයි.
අද (05) නිකුත් කළ වාර්තාවලට අනුව, පීඩාවට පත් ජනතාව සඳහා ප්රාදේශීය ලේකම් කොට්ඨාස 34ක් ආවරණය වන පරිදි පවුල් 34,608කට අයත් පුද්ගලයින් 113,354දෙනෙකු වෙත මේ වන විට පානීය ජලය බෙදා හැරීම සිදු කෙරෙමින් පවතී.
මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්රික්කයයි. එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 12,732කට අයත් පුද්ගලයින් 41,360දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, ඔවුන් සඳහා සහන සැලසීමේ කටයුතු ක්රියාත්මකය.
මඩකලපුව දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පුද්ගලයින් 33,394දෙනෙකුටත්, බදුල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පුද්ගලයින් 20,418දෙනෙකුටත්, අම්පාර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පුද්ගලයින් 11,995දෙනෙකුටත් පානීය ජලය සම්පාදනය කෙරෙමින් පවතින බව වාර්තා වේ.
මේ අතර, පොළොන්නරුව දිස්ත්රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් 6,842දෙනාගෙන් 5,562දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට කටයුතු කර ඇති අතර, රත්නපුර දිස්ත්රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් 1,374දෙනාගෙන් 474දෙනෙකු වෙතද පානීය ජලය ලබාදෙමින් පවතී.
අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 1ක පවුල් 30කට අයත් පුද්ගලයින් 151දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එම සියලු දෙනා සඳහාද පානීය ජලය සැපයීමට කටයුතු යොදා තිබේ.
අදාළ ප්රදේශවල පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පානීය ජලය අඛණ්ඩව ලබාදීම සම්බන්ධ කටයුතු ආපදා කළමනාකරණ අංශ විසින් මේ වන විටත් සක්රියව සම්බන්ධීකරණය කරමින් සිටී.
…













Discussion about this post