• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘවරුන්ගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය සහ මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයක හෝ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරුවේ පැවති 42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය අමතමිනි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

රට දියුණු සහ යහපත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේදී වෙනත් ඕනෑම බලයකට වඩා මහජන බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.වත්මන් රජය ජනතාවට අගතියක් වන කිසිදු තීන්දුවක් නොගන්නා බවත්, ජනතාව වෙනුවෙන් ගනු ලබන තීන්දුවක් ආපසු හැරවීමට සූදානම් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපේක්ෂා කරන්නේ ජනතාව තුළ නීතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රට ගොඩනැගීමේ වැදගත්ම අත්තිවාරමක් වන ජාතික සමගිය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවත්, ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට හා පිළිගැනීමට පාත්‍ර වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව යළි ඔසවා තැබීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීමක් වන නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතුය යන මූලධර්මය යථාර්ථයක් බවට පත් කිරීමටද රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව දිගුකාලීන ජාතිවාදී ගැටුමකින් බැට කෑ රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, එම අත්දැකීම් තුළින් යළි කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට රට තුළ ඉඩ නොදිය යුතු බව අවබෝධ කරගත යුතු බව අවධාරණය කළේය.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජනතාවගේ සමානාත්මතාව සහ අයිතිවාසිකම් මත පදනම් වූ ජාතික සමගිය රට ගොඩනැගීමේ ප්‍රධාන අත්තිවාරමක් බවද ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ රටේ අනාගතයට විශාල තර්ජනයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය හා ඒ හා බැඳුණු අපරාධ මුලිනුපුටා දැමීමට රජය තීරණය කර ඇති බව පැවසීය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලිවල වසර ගණනාවක් ආගමික කටයුතුවල නිරත වෙමින් සමාජයට සේවය කළ මවුලවිවරුන් ඇතුළු පූජකවරුන්ගේ සේවය ඇගයීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.ජාතික මීලාද්-උන් නබි සැමරුමට සමගාමීව පැවති පාසල් තරගවල ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම 2026 ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය පිළිබඳ රචිත ග්‍රන්ථයක් සහ 2026 ජාතික මීලාද්-උන් නබි සැමරුම් සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ, මීලාද්-උන් නබි සැමරුමට සමගාමීව රුපියල් මිලියන 10ක වියදමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි 12ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීම, සමරු මුද්දර නිකුත් කිරීම, ජාතික මීලාද් තරගාවලිය සහ උලමාවරුන් හා මවුලවිවරුන් ඇගයීම ඇතුළු වැඩසටහන් රැසක්ද මෙම උත්සවයට සමගාමීව ක්‍රියාත්මක කර තිබේ.

ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබක්කර් ආදම්බාවා යන මහත්වරුද උත්සව සභාව ඇමතූහ.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous Post

කොළඹ උම්මු සාවියා මුස්ලිම් පල්ලියේ 124 වැනි මීලාද්-උන්-නබි උත්සවය සාර්ථක ලෙස පැවැත්වේ

Next Post

නේපා­ලයේ දරුණු ගංව­තුරක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
නේපා­ලයේ දරුණු ගංව­තුරක්

නේපා­ලයේ දරුණු ගංව­තුරක්

Discussion about this post

RECOMMENDED NEWS

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවෙන් ඉවතට – ඩී.වී. චානකගේ පුරප්පාඩුව පිරෙයි

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවෙන් ඉවතට – ඩී.වී. චානකගේ පුරප්පාඩුව පිරෙයි

11 months ago
අමෙරිකාවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි

අමෙරිකාවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි

9 months ago

නව ක්ෂුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

1 year ago
මුල්ලේරියාව රෝහලේ සංවර්ධනයට නව සැලසුම්

මුල්ලේරියාව රෝහලේ සංවර්ධනයට නව සැලසුම්

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology