Reported Journalist:Zamil Shafeek

නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්නයේ ඇති වූ හදිසි ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, දෙස් විදෙස් සංචාරකයන් 384 දෙනකු ඇතුළු විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
රසුවා ප්රදේශයේ නිවාස, පාලම් හා මාර්ග රැසක් විනාශ වී ඇති අතර, අතුරුදන් වූවන් සෙවීම සඳහා හමුදා සහ ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මේ අතර, ජලවිදුලි ව්යාපෘතියක සේවකයන් 60 දෙනකු සහ පොලිස් නිලධාරීන් පිරිසක් ද අතුරුදන්ව ඇති බව සඳහන් වේ. ගංවතුරේ බලපෑමෙන් ටිබෙට් දේශයටත් දැඩි හානි සිදුව තිබේ.












Discussion about this post