Reported Journalist:Zamil Shafeek

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 99 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ ෂැංග්රි-ලා හෝටලයේ පැවති සැමරුම් උත්සවයට ශ්රී ලංකාවේ හිටපු ජනාධිපති Mahinda Rajapaksa සහභාගී වී තිබේ.
ශ්රී ලංකාවේ චීන තානාපතිවරයාගේ ප්රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී චීනයේ හමුදා ඉතිහාසය, නවීකරණය සහ ජාත්යන්තර සාමය සඳහා එරට දක්වන දායකත්වය පිළිබඳ අවධානය යොමු කර තිබූ බව සඳහන් වේ.
අවස්ථාවට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා චීන ජනතාව වෙත සිය සුබ පැතුම් පිරිනමමින්, ශ්රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්රත්වය සහ අන්යෝන්ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
දෙරට අතර පවතින සබඳතා අභියෝගාත්මක අවස්ථාවන්හිදීද එකිනෙකාට සහාය දෙන ශක්තිමත් මිත්රත්වයක් ලෙස ඔහු අවධාරණය කළ බවද සඳහන් වේ.













Discussion about this post