reported by: Musharraf Hussain

මුහුදු මාර්ග හරහා රට තුළට විෂ මත්ද්රව්ය රැගෙන එන ක්රමවේද කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බව නාවික හමුදාව අනාවරණය කරයි.
එම පසුබිම තුළ, දකුණු මුහුදු ප්රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකින් අයිස් සහ හොරොයින් ඇතුළත් කිලෝග්රෑම් 285කට වැඩි මත්ද්රව්ය ප්රමාණයක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මේ වන විට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය භාරයේ රඳවා සිටින අතර, ඔවුන් සම්බන්ධයෙන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව එහි නිලධාරින් සඳහන් කරයි.
මෙම මෙහෙයුමේදී නාවික හමුදාව භාරයට ගත් “දෙවිඳු 01” සහ “චූටිපුතා” යන නාමයන්ගෙන් හඳුන්වන බහුදින ධීවර යාත්රා දෙක තුළ තිබූ මත්ද්රව්ය තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 450කට අධික බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර පැවසීය.අදාළ ධීවර යාත්රා දෙක සහ ඒවායේ සිටි සැකකරුවන් 11 දෙනා පෙරේදා අත්අඩංගුවට ගත් අතර, අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබීය.දිවයිනට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ මත්ද්රව්ය ප්රවාහනය කරමින් සිටින බවට ලැබුණු තොරතුරු මත, “දෙවිඳු 01” නමින් හඳුන්වන බහුදින ධීවර යාත්රාව සැකකරුවන් 05 දෙනෙකු සමඟ පසුගිය 23 වනදා නාවික හමුදාව සහ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ “සිදුරළ” විශේෂ නෞකාව යොදාගෙන තිබුණි.













Discussion about this post