
Reported Journalist:Zamil Shafeek
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ලෙස දෙවන ධුර කාලයක් සඳහා වෝල්කර් ටර්ක් නැවත තේරී පත්ව තිබේ.ඒ අනුව, මෙම වසරේ ඔක්තෝබර් 11 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ඔහුගේ වත්මන් ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ වනු ඇත.
නැවත පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 144ක් ඔහුට පක්ෂව ඡන්දය ප්රකාශ කර ඇති අතර, රටවල් 10ක් විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ. තවත් රටවල් 13ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇත.
වාර්තා අනුව, එක්සත් ජනපදය, ඊශ්රායලය, රුසියාව සහ උතුරු කොරියාව ඇතුළු රටවල් කිහිපයක් ඔහුගේ යළි පත්වීමට විරුද්ධත්වය පළ කර තිබේ.වෝල්කර් ටර්ක් මෙම දෙවන ධුර කාලය සම්පූර්ණ කළහොත්, 1993 වසරේ මෙම තනතුර ස්ථාපිත කිරීමෙන් පසු සම්පූර්ණ ධුර කාල දෙකක් ඉටු කළ පළමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ලෙස ඉතිහාසගත වනු ඇත.
ගාසා තීරය සහ මැදපෙරදිග කලාපයේ සිදුවීම් සම්බන්ධයෙන්, විශේෂයෙන් ඊශ්රායලයේ ක්රියාමාර්ග පිළිබඳව විවෘතව විවේචන ඉදිරිපත් කළ ජාත්යන්තර නිලධාරියෙකු ලෙස ද වෝල්කර් ටර්ක් ප්රසිද්ධියට පත්ව සිටියි.












Discussion about this post