Reported Journalist:Zamil Shafeek

වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ සංස්පර්ෂය අප ජීවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු වකවාණුවක අප සැවොම ජිවත් වන බව වෙසක් දින පණිවුඩය යොමුකරමින් ත්රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ දන්වා සිටී.
හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් ස්වජිවිත ප්රභාමත් කර ගැනීමෙහිලා වීර්යවන්ත වීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව උන් වහන්සේලා මෙහිදී අවධාරණය කර තිබේ.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩඋයන්ගොඩ මෛත්රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම වෙසක් දින ආශීර්වාද පණිවුඩය නිකුත් කර ඇත.













Discussion about this post