Reported Journalist:Zamil Shafeek

හෝමුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්ය පවසයි.ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ, මේ වන විට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉතා ඉක්මනින් ව්යවස්ථාදායකයේ නීති අංශය විසින් අවසන් කරනු ඇති බවටය.”මෙම සැලසුමට අනුව, හෝමුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය ගාස්තු අය කළ යුතුයි,” යනුවෙන් එම නිලධාරියා ප්රකාශ කර ඇති බව සඳහන් වේ.













Discussion about this post