Reported by: Musharraf Hussain

හෝමුස් සමුද්ර සන්ධිය ඉලක්ක කරමින් සිදුවන ඉරාන ප්රහාරයන්ට ප්රතිචාර දක්වමින් ඒවා පාලනය කිරීමට, ඇමරිකානු හමුදාවට බ්රිතාන්ය හමුදා කඳවුරු භාවිත කිරීම සඳහා අවසර ලබාදීමට බ්රිතාන්ය රජය තීරණය කර තිබේ.
මෙම තීරණය අද (20) පැවති බ්රිතාන්ය අමාත්ය මණ්ඩල රැස්වීමකදී ගනු ලැබූ අතර, ඒ අනුව හෝමුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂාව සපයන මෙහෙයුම්වලදී, ඇමරිකාවට එම කඳවුරු භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.පෙරදී, බ්රිතාන්යය විසින් එම කඳවුරු භාවිතයට අවසර ලබාදී තිබුණේ බ්රිතාන්ය වැසියන්ගේ ජීවිතයට හෝ අත්යවශ්ය අවශ්යතා වලට තර්ජනයක් වන ඉරාන මිසයිල ප්රහාර වැළැක්වීම සඳහා පමණි.
නව තීරණය යටතේ, හෝමුස් සමුද්ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කරන ඉරාන ඉලක්ක වෙත ප්රහාර එල්ල කිරීම සඳහාද එම කඳවුරු භාවිත කළ හැකි වනු ඇත.එහෙත්, මෙම මෙහෙයුම් සඳහා බ්රිතාන්යය සෘජුවම සහභාගී නොවන අතර, තම විදේශ සහ ආරක්ෂක ප්රතිපත්තියෙහි මූලික වෙනසක් සිදුව නොමැති බව අග්රාමාත්ය කාර්යාලය වන Downing Street පෙන්වා දෙයි.
_













Discussion about this post