reported by: Musharraf Hussain

අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධව පවත්වන යුද අභ්යාසවලට ප්රතිචාරයක් ලෙස උතුරු කොරියාව කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එරට රාජ්ය මාධ්ය පවසන්නේ, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් තම දියණිය සමඟ යුද නෞකාවක සිට එම මිසයිල දියත් කිරීමේ පරීක්ෂණය නිරීක්ෂණය කළ බවයි.‘චෝ හ්යොන්’ (Choe Hyon) ලෙස නම් කරන ලද නාවික විනාශක නෞකාවකින් මෙම කෲස් මිසයිලය දියත් කර ඇති අතර, පාලන මධ්යස්ථානයක තිරයක් හරහා එම ක්රියාවලිය කිම් ජොන්ග් උන් සහ ඔහුගේ දියණිය නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන ඡායාරූප උතුරු කොරියානු මධ්යම පුවත් ඒජන්සිය (KCNA) විසින් නිකුත් කර ඇත.
මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ කිම් ජොන්ග් උන්ගේ 13 හැවිරිදි දියණිය වන කිම් ජූ ඒ (Kim Ju Ae) ද මෙම අවස්ථාවට සහභාගී වීමයි.2022 වසරේ අවසන් කාලය සිට ඇය සිය පියා සමඟ ප්රධාන හමුදා පෙළපාලි සහ ආයුධ පරීක්ෂණ වැඩසටහන්වලට නිරන්තරයෙන් සහභාගී වන බව වාර්තා වේ.
දකුණු කොරියානු බුද්ධි අංශයන් අනුව, කිම් ජොන්ග් උන් සිය දියණිය අනාගත අනුප්රාප්තිකයා ලෙස සූදානම් කරමින් සිටින බවට සැක පළ කරයි.මේ අතර, පසුගිය සඳුදා ආරම්භ වූ දින 11ක “Freedom Shield” නම් අමෙරිකා – දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්යාසය උතුරු කොරියාව විසින් තම රටට එරෙහි ආක්රමණයක් සඳහා සිදුකරන පෙර පුහුණුවක් ලෙස සැලකෙයි.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිම් ජොන්ග් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් ප්රකාශ කර ඇත්තේ, මෙම යුද අභ්යාස මගින් අමෙරිකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාවට එරෙහිව දැඩි වෛරය පෙන්වන බව නැවතත් පැහැදිලි වන බවයි.
එමෙන්ම සතුරන්ට ප්රතිචාර දක්වීම සඳහා උතුරු කොරියාව සතුව ඇති න්යෂ්ටික ශක්තිය තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගැනීම අත්යවශ්ය බවත් කිම් ජොන්ග් උන් මෙහිදී අවධාරණය කර ඇති බව විදෙස් මාධ්ය වැඩිදුරටත් සඳහන් කරයි.
_













Discussion about this post