Reported Journalist:Zamil Shafeek

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) මියගොස් ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය සමාජ මාධ්ය ගිණුම හරහා ප්රකාශ කර ඇති නමුත් මේ පිළිබඳව ඉරාන රජය මෙතෙක් නිල ප්රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ජාලය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, අමෙරිකාව සහ ඊශ්රායලය එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්රහාර මාලාවකින් පසු කමේනි මියගොස් ඇති බවයි.”ඉතිහාසයේ සිටි අතිශය දරුණු පුද්ගලයෙකු වූ කමේනි දැන් මියගොස් අවසානයි,” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබෙනවා.
මෙම පුවත සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් මෙතෙක් නිල මට්ටමින් තහවුරු කිරීමක් කර නොමැති අතර, ඉරාන විදේශ අමාත්යාංශයේ ප්රකාශකයෙකු උපුටා දක්වමින් ඇතැම් මාධ්ය වාර්තා කළේ, උත්තරීතර නායකයා ආරක්ෂිතව සිටින බවත්, ට්රම්ප්ගේ ප්රකාශය “මානසික යුද්ධයක” (Mental Warfare) කොටසක් බවයි.












Discussion about this post