• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම සේවකයින් දැඩි අර්බුදයක

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

reported by Fathima Zahra

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.එම සේවකයින් පෙන්වා දෙනුයේ ලංකා විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය අවස්ථා කිහිපයකදීම කල් දැමීම හේතුවෙන් ඔවුන් මේ වන විට මෙම අර්බුදයකට පත්ව ඇති බවය.ලංකා විදුලි බල මණ්ඩලය විසුරවා හැරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 වැනි දිනයත් මෙම වසරේ ජනවාරි 01 වැනි දිනයත් මින් පෙර ප්‍රකාශයට පත්කර තිබුණද අවස්ථා කිහිපයකදීම මෙම දිනයන් කල් දැමීමට සිදුව ඇති බවත් ඒ අනුව මේ වන විට විසුරුවා හැරීමේ දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත්ව නොතිබීමත් හේතුවෙන් පෙබරවාරි 01 දා වන විට නියමිත ඉලක්ක මග හැරී යන ලකුණු පෙනෙන්නට ඇති බවද එම සේවයකයින් පවසයි.මේ හේතුවෙන් එම ස්වේච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන එම සේවකයින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු රජයෙන් ඉල්ලා ඇත්තේ මෙම ක්‍රියාවලිය කඩිනම් කර විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසය.ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට මූල්‍යමය සහ දේපල බිඳ වැටීම්, ඉල්ලුම් කළ විදේශ රැකියා රැකියා අවස්ථා අහිමි වීම්, එම රැකියා සඳහා වීසා සහ නීතිමය ලේඛණ කල්ඉකුත්වීම්, නිවාස සහ පදිංචිය පිළිබඳ පිළිබඳ ගැටලු, සෞඛ්‍ය සහ ආයතනික දියුණුව අඩාල වීම සහ ආයතනය තුළ මානසික පීඩනයට සහ කොන් කිරීමට ලක්ව ඇති බවත් එම සේවකයින් පවසයි.විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්නව විදුලි බල පනතට අනුව විදුලි බල මණ්ඩලය සමාගම් 04කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර ඒ අනුව සියලු සේවකයින් සමාගම් 04කට අනුයුක්ත කිරීමට පියවර ගැනුණි.ඒ අනුව අදාළ අනුප්‍රාප්තික සමාගමට අනුයුක්ත වීම ස්වකීය තේරීම නොවන සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් යටතේ විශ්‍රාම යාම සඳහා හිමිකම් ලැබෙන බව බලශක්ති අමාත්‍යාංශය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සඳහන් කළේය.ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ප්‍රධානය කිරීමේ ක්‍රම පිළිබඳවද බලශක්ති අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබූ අතර එහිදී වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව තිබූ ඉතිරි කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප හිමිවන බවද බලශක්ති අමාත්‍යාංශය පවසා තිබුණි.එමෙන්ම වසර 10කට අඩු සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස 05ක වැටුප සහ සේවය කළ හැකිව තිබූ ඉතිරි කාලය සඳහා ගෙවීමක් සිදු නොකර බවද සඳහන් කළ බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ අදාළ නියෝගයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයෙකු සඳහා වන වන්දි මුදල රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් මිලියන 5ක උපරිමය සීමාවකට යටත්ව ගෙවීම සිදුවිය යුතු බවය‍.ඒ අනුව ඊට අදාළ නියමයන් හා කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍යවරයා විසින් පසුගිය අගෝස්තු මස 26 වැනි දින නිකුත් කිරීමටද පියවර ගත්තේය

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ විදුලි සේවකයින්ගෙන්ජනපති හා බලශක්ති ඇමතිට ලිපියක්විදුලි බල මණ්ඩලයේ අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ ඉහත සඳහන් ස්වේච්ඡා විශ්‍රාම යාම සඳහා වූ ක්‍රමවේදය ඉල්ලුම් කිරීමට එම මණ්ඩලයේ සේවකයින් 2,000කට ආසන්න පිරිසක් කටයුතු කර තිබුණි.නමුත් එම සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය සම්බන්ධව සහ ඊට අදාළ ගැසට් නිවේදනය බලශක්ති අමාතශාංශය විසින් නිකුත් කර නොතිබීම හේතුවෙන් ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිතතාවකට පත්ව ඇති බව සඳහන් කරමින් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ බලශක්ති අමාත්‍යවරයාට ලිපියක් යොමු කිරීමටද පියවර ගත්තේය.අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ අගොස්තු 26 දිනැති අංක 2451/11 දරන ගැසට් පත්‍රය අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මගින් සමාගම්වලට අනුයුක්ත නොවූ සේවකයින් ලෙස ඔවුන් ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඉල්ලුම් කළ බවය.නමුත් එම ස්වෙච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ඉල්ලුම් කර ඇති 2,200කට ආසන්න ලංවිම සේවක පිරි මේ වන විට සිය අනාගතය සම්බන්ධව අවිනිශ්චිතතාවකට පත්ව ඇති බවත් ස්වේච්ඡා විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් නොවීම හා එම දිනය දිනෙන් දින ප්‍රමාද වීම මෙන්ම යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් එම කටයුත්තතවත් ප්‍රමාදයට පත්ව ඇති බවත් අදාළ ලිපිය මගින් ඔවුන් ජනාධිපතිවරයා සහ බලශක්ති අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමට අයදුම්කළ ලංවිම සේවකයන්ටඅයදුම්පත් ඉවත් කරගැනීමටත් අවස්ථාවමේ අතර ස්වේච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට සිය විශ්‍රාම යෑමේ ඉල්ලුම්පත් ඉවත් කර ගත හැකි බවට එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා පසුගිය 26 වැනිදා දැනුම්දීමක් සිදු කර තිබුණි.අදාළ නිවේදනය මගින් සාමාන්‍යාධිකාරීවරයා දන්වා ඇත්තේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද අංක MOE/SRS/VRS/28 හා 2025.11.14 දිනැති ලිපිය අනුව, 2025 ඔක්තෝබර් 27 දිනට පෙර ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ද එම අයදුම්පත් ඉවත්කරගනිමින් නව සමාගමට බැඳීමට අදහස් කරන ලං.වි.ම. සේවකයන්ට මෙම අවස්ථාව හිමි වන බවය.ඒ අනුව අද (30) දක්වා එම ඉල්ලුම්පත් ඉවත් කර ගැනීමේ අවස්ථාව ලැබෙන බවත් අදින් පසුව එම ඉල්ලුම්පත් ඉවත්කර ගැනීමට අවස්ථාව හිමි නොවන බවත් එකී ඉල්ලීම්ද අනුමත නොකරන බවටත් සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇත.ඒ අනුව අද දින හෝ ඊට පෙර සාමාන්‍යාධිකාරිකාරි ශාඛාව වෙත ලැබෙන ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කළ අයදුම්පත් ඉවත්කර ගැනීමේ ඉල්ලීම් පමණක් අනුමත කිරීමට කටයුතු කරනු ලබන බවත් ජනවාරි 30 දිනෙන් පසු එවැනි ඉල්ලීම් බාරගැනීමෙන් වලකින ලෙස සියලුම ඒකක / ශාඛා / අංශ ප්‍රධානීන් වෙත ද දැනුම් දී ඇති බවත් අදාළ ලිපිය මගින් දැනුම්දී තිබුණි.

Previous Post

රත්‍රං මිල රුපියල් 20,000කින් පහළට

Next Post

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහනක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහනක්

Discussion about this post

RECOMMENDED NEWS

ප්‍රදේශ රැසකට වැසි – තද සුළං ගැනත් අවධානයෙන් සිටින්න

ප්‍රදේශ රැසකට වැසි – තද සුළං ගැනත් අවධානයෙන් සිටින්න

2 months ago
මරණ තර්ජන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන CIDයට කැඳවයි

මරණ තර්ජන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන CIDයට කැඳවයි

9 months ago
விளையாட்டு ஊடகவியலாளர் சங்கத்தின் உத்தியோகபூர்வ இணையத்தளத்தை அமைச்சர் சுனில் குமார கமகே திறந்து வைத்தார்

Minister Sunil Kumara Gamage Launches Official Website of Sri Lanka Sports Journalists Association

1 year ago
කොළඹ තදබදය අඩු කිරීමට කැබිනට් අනුමැතිය

කොළඹ තදබදය අඩු කිරීමට කැබිනට් අනුමැතිය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology