Reported Journalist:Zamil Shafeek

දිවයිනේ ප්රදේශ රැසකට අද දිනයේදී වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකි සඳහන් කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, වයඹ පළාතට වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතී.
ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.මේ අතර, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල සහ දිවයිනේ පළාත් කිහිපයක පැයට කිලෝමීටර් 30–40ක පමණ තරමක් තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, අනතුරු වළක්වා ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.













Discussion about this post