• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

වෙනිසියුලානු විපක්ෂ නායිකාව තමාගේ නොබෙල් ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට පිරිනැමේ

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in International, News, Political, Sinhala
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.ඒ විපක්ෂ නායිකාව සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැති හමුවකදීය.හමුවෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යවෙදීන් අමතමින් ඇය පවසා ඇත්තේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස සඳහා ඔහුගේ කැපවීම අගය කිරීමක් ලෙස සිය සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බවය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

පැයකට වඩා කාලයක් පැවති මෙම හමුව අමෙරිකානු ජනාධිපතිවරයා සහ වෙනිසියුලානු විපක්ෂ නායිකාව අතර පැවැත්වූ පළමු හමුව වන අතර අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු ඇය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙඅංශයේම සෙනෙට් සභිකයින්ද හමුව තිබේ.මේ අතර සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ හමුවූ බවත් ඇය බොහෝ දේ අත්විඳ ඇති කාන්තාවක් වන බවත්ය.එමෙන්ම ඇය සිය නොබෙල් සාම ත්‍යාගය තමන්ට ප්‍රධානය කළ බවත් තමන් ඒ සම්බන්ධව ඇයට සිය ස්තූතිය පළ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව තිබේ.

මචාඩෝ පසුගිය සතියේ දිනක තමන් අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බවත් එහිදී වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමීමට කටයුතු කරන බවත් සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට නෝර්විජියානු නොබෙල් කමිටුව සඳහන් කර තිබුණේ නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීටම නොහැකි බවත් ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබුණි.

තවද නොබෙල් පදනමේ ප්‍රඥප්ති අනුව ත්‍යාගයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ත්‍යාග ප්‍රධානය කිරීමේ ආයතනයක තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බවත් ස්ටොක්හෝම් සහ ඔස්ලෝ හි ත්‍යාග ප්‍රදානය කිරීමේ කමිටුවලින් කිසිවක් වරක් ප්‍රදානය කරන ලද ත්‍යාගයක් අවලංගු කිරීම් ගැන සලකා බලා නොමැති බවත් නොබෙල් ආයතනය සඳහන් කර තිබුණි.

එමෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් නෝර්විජියානු නොබෙල් කමිටුව සාම ත්‍යාගයලාභීන්ට ත්‍යාග පිරිනැමීමෙන් පසු ඔවුන් පවසන සහ සිදු කරන දේ සම්බන්ධව අදහස් නොදක්වන බවත් සඳහන් කළ නොබෙල් ආයතනය සිය නිවේදනයේ සඳහන් කර තිබුණේ යම් වසරක් සඳහා නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ යුත්තේ කාටද යන්න තීරණය කරන මොහොත දක්වා නම් කරන ලද අපේක්ෂකයින්ගේ කාර්යය සහ උත්සාහයන් ඇගයීමට සීමා වනු ඇති බවත්ය.

Previous Post

SLBC Hosts Thai Pongal Festival Under the Patronage of Tamil Service Director

Next Post

මුදල් කමිටු පාලනය විපක්ෂයට — කොළඹ සභාවේ සාමාන්‍ය කටයුතු අභියෝගයට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මුදල් කමිටු පාලනය විපක්ෂයට — කොළඹ සභාවේ සාමාන්‍ය කටයුතු අභියෝගයට

මුදල් කමිටු පාලනය විපක්ෂයට — කොළඹ සභාවේ සාමාන්‍ය කටයුතු අභියෝගයට

Discussion about this post

RECOMMENDED NEWS

උලමා සභා මහ ලේකම්ගෙන් මුස්ලිම් දෙපාර්තමේන්තු හි: අධ්‍යක්ෂ අන්සාර්ට එන්තරවාසියක් ! දින 7ක් තුළ ප්‍රසිද්ධ සමාවක් හෝ රු:මිලියන 50ක වන්දියක් ඉල්ලයි

උලමා සභා මහ ලේකම්ගෙන් මුස්ලිම් දෙපාර්තමේන්තු හි: අධ්‍යක්ෂ අන්සාර්ට එන්තරවාසියක් ! දින 7ක් තුළ ප්‍රසිද්ධ සමාවක් හෝ රු:මිලියන 50ක වන්දියක් ඉල්ලයි

4 months ago
ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

4 months ago
නේපා­ලයේ දරුණු ගංව­තුරක්

නේපා­ලයේ දරුණු ගංව­තුරක්

2 months ago
වීමල් වීරවංශගේ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක්

වීමල් වීරවංශගේ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology