• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Goverment, Local, News, Sinhala, Sports
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

Reported by: MUSHARRAF HUSSAIN

1970 සහ 1980 දශකවල ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට රැගෙන ගිය ප්‍රමුඛ පෙළේ දුර ධාවන ක්‍රීඩකයෙකු වූ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා අද (13) පෙරවරුවේ මාතලේ ප්‍රදේශයේ සිදුවූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මියයන විට 74 වැනි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකෙන අතර, සිය ක්‍රීඩා දිවිය පුරාම රට වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා.

ජාත්‍යන්තර තරග බිම්වලදී ශ්‍රී ලංකාවේ නාමය ඉහළට ඔසවා තැබූ ආරියසේන මහතා, 1982 වසරේ ඉන්දියාවේ පැවති 9 වැනි ආසියානු ක්‍රීඩා උළෙලටත්, 1987 වසරේ සිංගප්පූරුවේ පැවති 6 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියටත් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.1980 සිට 1989 දක්වා වසර නවයක කාලයක් මීටර් 1500 ඉසව්වේ ජාතික වාර්තාව තමන් සතු කරගත් ඔහු, එම කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍ය දුර ධාවකයෙකු ලෙස ද සැලකුණා.

එමෙන්ම 1976 සිට 1980 දක්වා අඛණ්ඩව පස් වතාවක් ජාතික මැරතන් ශූරතාව දිනාගත් ඔහු, 1979 සිට 1984 දක්වා කාලය තුළ මීටර් 5000 සහ 10000 ඉසව්වලද සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළා.1970 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ ස්වේච්ඡා බළකායට එක්වූ ආරියසේන මහතා, පසුව 1980 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස ද සේවයට එක්වුණා.ක්‍රීඩා පිටියෙන් සමුගැනීමෙන් අනතුරුවද නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනැගීම සහ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඔහු අඛණ්ඩව කැපවී කටයුතු කළා.

වසර 35කට අධික කාලයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ විනිසුරුවරයෙකු සහ ජාතික තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහුගේ දායකත්වය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විශාල ගෞරවයකට පාත්‍ර වී තිබෙනවා.මාතලේ නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු වන අතර, ඔහුගේ අභාවය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවක් ලෙස සැලකෙනවා.

_

Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට මාර්ගය සකස් වෙයිද?

Next Post

Russia Day Celebrations Held Under Russian Ambassador’s Patronage in Colombo

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Russia Day Celebrations Held Under Russian Ambassador’s Patronage in Colombo

Russia Day Celebrations Held Under Russian Ambassador's Patronage in Colombo

Discussion about this post

RECOMMENDED NEWS

ශ්‍රී ලංකාව හා අසර්බයිජානය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව හා අසර්බයිජානය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

1 week ago
කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

3 months ago

Faaz Academy Recognizes Students in Cake, Craft, Mehendi & More at BMICH

11 months ago
එක්සත් ජනපදය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවයි

එක්සත් ජනපදය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවයි

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology