2025 අගෝස්තු 31 වැනිදා, BMICH හිදී ජාත්යන්තර මානව හිමිකම් සංවර්ධන සංවිධානය (IVHRD) මඟින් සංවිධානය කළ “ගෝලීය මානව හිමිකම් සමුළුව” සාර්ථකව පැවැත්විණි.

සමුළුවට නීතිවේදීන්, නායකයින් සහ මානව හිමිකම් ක්රියාකාරීන් රැසක් එක්වූ අතර, ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දුනීසියාවේ නියෝජ්ය තානාපතිවරයා සහ ජනාධිපති නියෝජිත නීතිඥ සරත් විජේසිංහ මහතා සහභාගී විය.
IVHRD සභාපති රගු ඉන්ද්රකුමාර් මහතා තම ආරම්භක සන්දේශයේදී ගෝලීය සාමය සහ මානව හිමිකම් උත්සාහයන් සඳහා ඒකාබද්ධ වීමේ අවශ්යතාවය අවධාරණය කළේය.
“21වන සියවසේ මානව හිමිකම් සහ ගෝලීය රාජ්ය තාන්ත්රිකත්වය” යන තේමාවෙන් පැවැති විශේෂ සංවාදය සමුළුවේ ප්රබල අවස්ථාවක්විය.
එහිදී ගෝලීය සාම තානාපතිවරුන්, මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස නව පත්කිරීම්ද සිදු කරන ලදී.
සමුළුව අවසන් වන්නේ IVHRD සම සභාපතිනී ඩුෂානි ඉන්ද්රකුමාර් මහත්මියගේ ස්තුති කථාවත්, ජාත්යන්තර සබඳතා වැඩිදියුණු කිරීමේ හමුවකින්ද ය.













Discussion about this post