Reported Journalist:Zamil Shafeek

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.එමෙන්ම මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් පැ.කි.මී. 30-40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසය.













Discussion about this post