Reported Journalist:Zamil Shafeek

2026 ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාම ඉන්දීය ජාතිකයන් බව වාර්තා වේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අයයි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ 2026 LPL තරගාවලිය අද ආරම්භ වීමට නියමිත පසුබිමක වන අතර, ඒ හේතුවෙන් එය ක්රිකට් ක්ෂේත්රයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර තරගය අද රාත්රී 7.30ට කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.













Discussion about this post