Journalist:Zamil Shafeek

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල පවසා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය වැය ශීර්ෂ වියදම්වලින් 58%ක් අඩුකරගෙන ඇති බවයි.
මෙහිදී ඊයේ (15) ආරම්භ වූ 2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා.ඒ අනුව මෙමගින් ජනපති විසින් කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇති බවයි අමාත්යවරයා සඳහන් කළේ.එමෙන්ම ජනපති මහ මන්දිර කිසිවක් පාවිච්චි නොකරන බව පැවසූ අමාත්යවරයා, ඔහු ලබාදුන් ආදර්ශය වෙනත් කිසිම නායකයෙකු ලබාදී නැති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ජනාධිපති, අගමැති, ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයය ඊයේ (15) පාර්ලිමේන්තුවේ දී පැවැත් විය.මෙහිදී ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක අමාත්ය නලින්ද ජයතිස්ස මෙම විවාදයේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා විදෙස් නිල සංචාර සඳහා වියදම් කර ඇති මුදල් ප්රමාණයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.එහිදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර ම දක්වා විදෙස් සංචාර අටක නිරත වී ඇති බවයි.
එම සංචාර 08 සඳහා ජනාධිපතිවරයා වියදම් කර ඇත්තේ මිලියන 14යි දශම 09ක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
▪️2024 දෙසැම්බර් 15-17 අතර ඉන්දීය සංචාරය සඳහා වියදම මිලියන 1.2යි
▪️2025 ජනවාරි 14 චීන සංචාරය සඳහා වියදම මිලියන 0.8යි
▪️2025 පෙබරවාරි 10-13 එක්සත් අරාබි එමීර් රාජ්ය සංචාරය සඳහා වියදම මිලියන 0.5යි
▪️2025 මැයි 04-06 වියට්නාම සංචාරය සඳහා වියදම මිලියන 1.9යි
▪️2025 ජුනි 11-13 ජර්මන් සංචාරය සඳහා වියදම මිලියන 4.0යි
▪️2025 ජුනි 28-30 මාලදිවයින් සංචාරය සඳහා වියදම මිලියන 0.7යි2025 සැප්තැම්බර් 23-26 එක්සත් ජාතීන්ගේ සැසිය සඳහා ඇමරිකාවටත්, අනතුරුව ජපානයේ සංචාරය සඳහා වියදම මිලියන 5.5යි.













Discussion about this post