• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

තාක්ෂණික හුවමාරුව හා නවෝත්පාදන නගාසිටුවීමට රජයේ අවධානය

JanasayuraAdmin by JanasayuraAdmin
2 weeks ago
in Local, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛතම ආයෝජනයක් ලෙස සලකන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

2025 සහ 2026 වසරවල ජාත්‍යන්තර රසායන විද්‍යා ඔලිම්පියාඩ් සහ ජාත්‍යන්තර මෙන්ඩලීව් රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිවලදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා සිසුන් ඇගයීම වෙනුවෙන් ලංකා රසායන විද්‍යා ආයතනය සංවිධාන කළ උපහාර උළෙලකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මාළඹේ පිහිටි ලංකා රසායන විද්‍යා ආයතනයේදී පසුගිය 06 වැනිදා පැවති මෙම උත්සවයේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රසායන විද්‍යාව රට සහ ලෝකය මුහුණ දෙන සංකීර්ණ අභියෝග සඳහා විසඳුම් සෙවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.රසායන විද්‍යා ඔලිම්පියාඩ් වැනි තරග මගින් සිසුන්ගේ මතක ශක්තිය පමණක් නොව, විශ්ලේෂණාත්මක චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ විද්‍යාත්මක මූලධර්ම ප්‍රායෝගිකව යොදා ගැනීමේ හැකියාව ද වර්ධනය වන බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම වැදගත් ජයග්‍රහණයක් වුවද, එය අවසාන ඉලක්කය නොවිය යුතු බවත්, තරුණ පරපුර තම දැනුම භාවිත කරමින් නව දැනුම හා තාක්ෂණයන් නිර්මාණය කිරීමටත්, ප්‍රායෝගික ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමටත් යොමු විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය මත පදනම් වූ දියුණු ජාතියක් ගොඩනැගීම රජයේ දැක්ම බව සඳහන් කළ ඔහු, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම, නවෝත්පාදන හා තාක්ෂණික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම මෙන්ම විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද පැවසීය.විද්‍යාගාරවල සිදු කෙරෙන පර්යේෂණ ජනතාවට සහ ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන ප්‍රායෝගික යෙදවුම් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සීමාසහිත හේකාර්බ් පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රාජිත කාරියවසම් මහතා ගෞරවනීය අමුත්තා ලෙස එක්වූ අතර, ලංකා රසායන විද්‍යා ආයතනයේ සභාපති මහාචාර්ය චාන්දනී පෙරේරා, රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුවේ සභාපති මහාචාර්ය ඉරේෂිකා ද සිල්වා මහත්මීන් ඇතුළු විද්‍යාඥයින්, අධ්‍යාපනඥයින්, සිසුන්, උපදේශකයින් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

Previous Post

රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

Next Post

W15 හෝටල් වෙඩි තැබීම: දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

W15 හෝටල් වෙඩි තැබීම: දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා

Discussion about this post

RECOMMENDED NEWS

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

3 months ago
බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

3 months ago
Hameedians 7s Season 6 Concludes with Thrilling Veteran Football Action

Hameedians 7s Season 6 Concludes with Thrilling Veteran Football Action

4 months ago
දියණිය සමඟින් මිසයිල අත්හදා බැලු කිම් ජොන්ග් උන්

දියණිය සමඟින් මිසයිල අත්හදා බැලු කිම් ජොන්ග් උන්

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology