• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

බස් රියදුරන්ගෙන් සියයට 60ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියදුන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. 2025 වසරේදී රිය අනතුරු 2700ක් සිදුව ඇති බවත් ඉන් පුද්ගලයින් 2,700ක් මිය ගොස් ඇති බවත් ඔහු කීය. ඉන් 2,000ක් පදිකයින්, යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් වන අතර මිය ගිය පිරිසෙන් සියයට 53ක් පිරිමි පුද්ගලයින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ අනතුරුවලින් සියයට පනහකට පමණ හේතුව රියදුරන් බවට අනාවරණවී තිබේ. ඔවුන්ගෙන් බහුතරයක් මත්පැන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවට හෙළිවී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන තම රියදුරන් සම්බන්ධයෙන් බස් සංගම් වැඩි වශයෙන් හෙළි කර ඇති බවත් ඔවුන්ගෙන් සියයට හැටක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බවත් ඔහු කියා සිටියේය. “අපි ජංගම පරීක්ෂණාගාර භාවිතා කරලා බැස්ටියන් මාවතේ බස් 53ක් පමණ පරීක්ෂා කළා. එතැන රියැදුරෝ 10ක් මත්ද්‍රව්‍ය භාවිතා කරලයි හිටියේ. එමගින් අපිට හෙළිවුණා. රියදුරන්ගෙන් සියයට 16 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා. නමුත් සත්‍ය සංඛ්‍යාව ඊට වඩා ගොඩක් වැඩියි. ඒ බව අපි දැන ගත්තේ ඒ පරීක්ෂාවට පසු දින රියදුරන් විශාල සංඛ්‍යාවක් සේවයට නොපැමිණි නිසයි. අනිවාර්යෙන් ඒ අය මත්ද්‍රව්‍ය භාවිත කරනවා. ඒ නිසයි එදා පරීක්ෂා වෙයි කියලා සේවයට ආවේ නැත්තේ. මේක තමයි තත්ත්වය. මේ අතරින් ප්‍රතිකාර ගන්න කැමැති අයට අපි ප්‍රතිකාර ලබා දෙනවා. හැබැයි චණ්ඩි දාලා වැඩ කරන්න නම් දෙන්නේ නැහැ. අපි අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මින් ඉදිරියට බරවාහන බලපත්‍රයක් තිබුණත් මගේ ප්‍රවාහන කටයුතු කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ සඳහා විධිමත් පුහුණුවක් ලබා දීලා විශේෂ බලපත්‍රයක් ලබා දෙනවා. එහෙම අයට විතරයි ආයේ මගී ප්‍රවාහන සේවාවන් කරන්න පුළුවන්.”

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහනක්

Next Post

නීති විරෝධී කැස්බෑ බිත්තර 117ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
නීති විරෝධී කැස්බෑ බිත්තර 117ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී කැස්බෑ බිත්තර 117ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

Discussion about this post

RECOMMENDED NEWS

අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

8 months ago
කොළඹ සහිරා විද්‍යාලයීය ඉස්ලාමීය සංගමයෙන් විශිෂ්ට මීලාද් උන් නබි උත්සවයක් — පාසල් 55ක ශිෂ්‍යයින් 1200ක් සහභාගීවූහ

කොළඹ සහිරා විද්‍යාලයීය ඉස්ලාමීය සංගමයෙන් විශිෂ්ට මීලාද් උන් නබි උත්සවයක් — පාසල් 55ක ශිෂ්‍යයින් 1200ක් සහභාගීවූහ

1 year ago

තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක්

1 year ago

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 සිට

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology