Reported by: Musharraf Hussain

ලොව ප්රකට අමෙරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනෝල්ඩ් විසින්, තායිවානයේ උසම ගොඩනැගිල්ල ලෙස හැඳින්වෙන Taipei 101 (තායිපේ වන් ඕ වන්) ගොඩනැගිල්ල තරණය කර වාර්තාවක් තබා ඇත.
මීටර් 508ක් උසැති මෙම ගොඩනැගිල්ල කිසිදු ලණුවක් හෝ ආරක්ෂිත ආම්පන්නයක් භාවිත නොකර තරණය කළ ප්රථම පුද්ගලයා වීම ඔහුගේ විශේෂත්වයයි.ගොඩනැගිල්ලේ පිහිටි වානේ බාල්ක සහ වීදුරු මතුපිට උපයෝගී කරගනිමින්, ඔහු තම දෑත් සහ දෙපා ආධාරයෙන් ඉහළට නැගී ඇති අතර, එම ගමන අතරතුර ගොඩනැගිල්ලේ ඉහළම කොටසේදී දැඩි සුළං තත්ත්වයන්ට මුහුණ දීමට ද ඔහුට සිදුව තිබේ.මෙම අභියෝගාත්මක තරණය සඳහා ඇලෙක්ස් හොනෝල්ඩ්ට ගතවූ කාලය පැය 1යි විනාඩි 31යි තත්පර 35ක් වන අතර, මෙම සිදුවීම Netflix හරහා සජීවීව විකාශය කිරීමද විශේෂත්වයක් වේ.












Discussion about this post