Reported Journalist:Zamil Shafeek

ඉදිරි වසර දෙකක කාලය තුළ ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වනු ඇති බව ලෝක බැංකුව පවසනවා.
ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද 2026 ජනවාරි වාර්තාවට අනුව, 2025 වසරේදී සියයට 4.6ක් ලෙස පැවති ශ්රී ලංකාවේ දළ දේශීය (GDP) වර්ධන වේගය, 2026 වසරේදී සියයට 3.5 දක්වාත්, 2027 වසරේදී සියයට 3.1 දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.
ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ පවතින ආර්ථික ස්ථාවරත්වය මධ්යයේ වුවද, ව්යුහාත්මක දුර්වලතා, ආර්ථික අර්බුදයේ බලපෑම සහ ගෝලීය අවිනිශ්චිතතාව මෙරට ආර්ථික ගමනට අභියෝග එල්ල කර ඇති බවයි.මෙම අභියෝග මධ්යයේ වුවද, ශක්තිමත් විදේශ ප්රේෂණ ගලා ඒම සහ සංචාරක ව්යාපාරයේ පිබිදීම හේතුවෙන් ශ්රී ලංකාවේ බාහිර ආර්ථික තත්ත්වය යහපත් වී ඇති අතර, එය විදේශ සංචිත සහ ජංගම ගිණුම ශක්තිමත් කිරීමට උපකාරී වී තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යාම සහ විශේෂයෙන්ම ගල්ෆ් කලාපීය රටවලින් ලැබෙන ස්ථාවර විදේශ ප්රේෂණ හේතුවෙන්, ශ්රී ලංකාව අඛණ්ඩව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි ලෝක බැංකුව තවදුරටත් පුරෝකතනය කරනවා.













Discussion about this post