Reported Journalist:Zamil Shafeek

2026 හොඳම මධුසමය ගමනාන්ත ස්ථාන 10 අතරට ශ්රී ලංකාවේ ගාල්ල නම් කිරිමට ලෝක ප්රකට Tripadvisor වෙබ් අඩවිය විසින් පියවර ගෙන තිබෙනවා.මධුසමය ගත කිරීමට විවාහක යුවළ විසින් තෝරා ගන්නා ලද ගමනාන්ත සම්බන්ධයෙන් වසරක කාලයක් දත්ත රැස්කර ගෝලීය පිළිගැනීමක් සහිතව Tripadvisor වෙබ් අඩවිය විසින් මේ ශ්රේණිගත කිරීම සිදු කර තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකාවේ ගාල්ල ලෝකයේ වඩාත්ම සංකේතාත්මක ආදර හැඟීම් සහිත ස්ථාන අතර 5 වැනි තැනට Tripadvisor වෙබ් අඩවිය නම් කරනවා.පෞරාණික උරුමය, චමත්කාරය සහ වෙරළබඩ සුන්දරත්වය අද්විතීය මිශ්රණය නිසා ගාල්ල එම ඇඟයීම හිමි කර ගෙන තිබෙනවා.එම වෙබ් අඩවියේ ශ්රේණිගත කිරීම් අනුව ඉන්දුනීසියාවේ බාලි දූපත හොඳම මධුසමය ගමනාන්ත අතර පළමු ස්ථානයේ පසුවනවා.අනතුරුව පිළිවෙළින් මොරිෂස්මා, මාලදිවයින, ශාන්ත ලුසියා, දෙක, තුන සහ හතරවැනි ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.6 වැනි ස්ථානය ලෙස වියට්නාමයේ හියු නගරය නම්කර තිබෙනවා.
කැලිෆෝනියාවේ නාපා නිම්නය, පොසිටානෝ ඉතාලිය, කෙන්යාවේ වටමු සහ ඇන්ටිගුවා අනෙකුත් ගමනාන්ත වනවා.සංචාරක සමාලෝචන මඟින් සම්පූර්ණයෙන්ම ගෝලීය පිළිගැනීමක් සහිත සංචාරක මඟ පෙන්වීමේ වෙබ් අඩවියක් ලෙස Tripadvisor ලොව ප්රසිද්ධියට පත්ව සිටින අතර වෙරළ තීරයන් සහ බුටික් හෝටල්වල සිට ආහාර, සංස්කෘතිය සහ අමතක නොවන භූ දර්ශන දක්වා වූ එකිනෙකට වෙනස්ව තමන් ලද අත්දැකීම් ගැන අලුත විවාහ වූ යුවළ විසින් තබා ඇති සටහන් උපයෝගී කර ගනිමින් එම සංචාරක අත්දැකීම්වල ගුණාත්මකභාවය සහ ප්රමාණය සම්බන්ධයෙන් කළ තක්සේරුවකින් මෙම ශ්රේණිගත කිරීම් සිදු වනවා.













Discussion about this post