• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

නිදහස් පක්ෂ නායකත්වයෙන් විපක්ෂයට දැඩි පණිවිඩයක්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News, Political, Sinhala
0
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ජනා­ධි­පති භීති­කා­වෙන් විප­ක්ෂය අද කුල­ප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා පැව­සීය.ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජාතික සංවි­ධා­යක චාමර සම්පත් දස­නා­යක මහතා පිළි­ගැ­නී­මට බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රව­ණා­ගා­රයේ සංවි­ධා­නය කර තිබූ උත්ස­වය අම­ත­මිනි.එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

“ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය වී තිබුණේ නෑ. එහි බලය තිබුණේ සභා­ප­තිට. ඒ නිසා එක ගල­කින් කුරුල්ලෝ දෙන්නෙක් මරා­ගන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ අනුව චාම­රට මම තන­තුර බාර දුන්නා. පෞද්ග­ලික අභි­මා­න­යට වඩා බදුල්ල දිස්ත්‍රි­ක්ක­යට සුවි­ශේෂී අභි­මා­න­යක් මින් ලැබෙ­නවා. මේ රටට වැඩක් කළේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යයි. සභා­පති සහ ලේකම් හැරුණු විට තුන්වැනි ස්ථානය ජාතික සංවි­ධා­යක තන­තු­රට හිමි වෙනවා. කැඩී විනාශ වී ගිය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඒක­රාශි කිරීමේ වැඩ­පි­ළි­වෙළ අපි කර­ගෙන යනවා.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ශක්ති­මත් කිරීමේ චරිත සහ පුද්ග­ල­යන් අපට අව­ශ්‍යයි. වෙන පක්ෂ­වල නම් තමන්ගේ නෑදෑ හිත­ව­තුන් වගේම පුතාලා මේ තන­තු­රු­ව­ලට ගෙනාවා. එදා මෛත්‍රී­පාල මහතා මාව සහ දුමින්ද දිසා­නා­යක මහ­තාව මේ පක්ෂයේ තන­තු­රු­ව­ලින් ඉවත් කළා. නමුත් දැන් එහෙම හිතු­ම­තේට තන­තු­රු­ව­ලින් ඉවත් කරන්න බෑ. පහ­ළොස් දෙනකු ඉන්නවා. ඒ අයගේ කැමැත්ත සහ අනු­මැ­තිය ඒ සඳහා තිබෙන්න ඕනේ.දැන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට සුවි­ශේෂී කාර්ය­යක් පැවරී තිබෙ­නවා.

අපට හැම දෙනාම එකතු කර­ගෙන ගම­නක් යන්න ඕනෙ. පක්ෂය ශක්ති­මත් කරන්න ඕනෙ. විප­ක්ෂය ශක්ති­මත් කරන්න ඕනෙ. විප­ක්ෂය එක වේදි­කා­වට ගේන්න ඕනෙ. ධනා­ත්මක ක්‍රියා­මාර්ග ගන්න ඕනෙ. අද මේ රට යන දිසාව පිළි­බ­ඳව සියලු දෙනා බලා­ගෙන ඉන්නවා. ඒ සඳහා නාය­ක­ත්වය දීම තමයි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ රාජ­කා­රිය.”ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජාතික සංවි­ධා­යක, මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා,“ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තන­තුරු ලෙහෙ­සි­යෙන් ලැබෙන්නේ නෑ. වසර විසි පහ­කට පෙර මේ ගමන පටන් ගත්තත් දැන් තමයි හරි­යට ගමන පටන් ගත්තේ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නාය­ක­ත්වය අපේ අතේ බදුල්ල දිස්ත්‍රි­ක්කයේ තිබෙන්නේ. මම මේ තන­තුර ගන්න කැමැති වුණේ නෑ. මම කිව්වේ තව ටිකක් හිතලා බල­න්නම් කියලා. මේක බැරෑ­රුම් කාර්ය­යක්. පක්ෂය ගොඩ­න­ඟන්න මට සියලු දෙනාගේ සහාය අව­ශ්‍යයි.මේ පක්ෂය ඕන කෙන­කුට බාර දෙන්න කැමැ­තියි. මේ පක්ෂය ඕනම කෙන­කුට බාර ගන්නත් පුළු­වන්. අපි ඕන වෙලා­වක බාර දෙන්න සූදා­නම්. මේ පක්ෂයේ ජන­පති සිහින නෑ. එහෙම සිහින තිබෙන අයට මේ පක්ෂයේ ඉඩ නෑ. මේ පක්ෂය හදලා යම් තැන­කට ආවාම ජන­පති සිහි­න­යට යන්න පුළු­වන්.දැන් ජනා­ධි­ප­ති­තුමා උතු­රට ගිහින් එකක්, දකු­ණට ගිහින් තව එකක් කිය­නවා. දැන් ජනා­ධි­ප­ති­තු­මාගේ බණ කවු­රුත් අහන්නේ නෑ.

උතුරේ සහ දකුණේ මිනි­සුන් ළඟ ජාති­වා­දය නෑ.”ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති, ජනා­ධි­පති නීතිඥ විජ­ය­දාස රාජ­පක්ෂ මහතා“1952දී බණ්ඩා­ර­නා­යක මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය එදා පැවති මැති­ව­ර­ණ­යේදී ආසන නව­යක් දිනා­ගැ­නී­මට සමත් වුණා. එදා පැවති දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කිරී­මට තමයි පංච මහ බල­වේ­ගය එකතු කර­ගෙන මේ පක්ෂය හැදුවේ. මේ පක්ෂය වට්ටන්න බෑ. මේක පොඩි මිනි­හාගේ පක්ෂය.අද ප්‍රශ්න­යක් මතුව තිබෙ­නවා. ශ්‍රී මහා බෝධිය පසු කර නාග­දී­ප­යට යනවා කියලා. පාර්ලි­මේ­න්තුවේ 2/3 බලය තිබුණා කියලා කවුරු හරි හිතා­ගෙන ඉන්නවා නම් ඕනෑම දෙයක් කරන්න පුළු­වන් කියලා එක වැර­දියි.

1987දී උතුරු නැඟෙ­න­හිර ජනතා ප්‍රශ්න ජේ. ආර්. හිටපු ජන­පති විස­ඳුවා.කවු­රු­හරි මේ රට විනාශ කරන්න හද­නවා නම් ඒකට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඉඩ දෙන්නේ නෑ. කාල­යක් වැටිලා හිටිය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දැන් ශක්ති­මත් වෙමින් යළි නැඟී එනවා. අපට මේ රජය පෙර­ළන්න අවශ්‍ය නෑ. හදිසි නෑ. ජන­තාව අවු­රුදු පහක් බලය දුන්නා. අපි වැඩ වර්ජන, උද්ඝෝ­ෂණ කරන්නේ නෑ. කකු­ලෙන් අදින්නේ නෑ. බාධා කරන්නේ නෑ. අත­ර­මඟ ආණ්ඩුව කඩා වට්ටන්න උත්සාහ කරන්නේ නෑ.

”මෙහිදී හිටපු ඌව පළාත් මහ ඇමැති සම­ර­වීර වීර­වන්නි, හිටපු ඇමැති ජගත් පුෂ්ප­කු­මාර, නීතිඥ විජිත මල්ලැ­හව මහ­ත්ව­රුද අද­හස් දැක්වූහ.මේ අව­ස්ථා­වට මහ­සං­ඝ­ර­ත්නය, අන්‍යා­ග­මික පූජ­ක­ව­රුන් ඇතුළු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ලේකම්, හිටපු ඇමැති දුමින්ද දිසා­නා­යක, භාණ්ඩා­ගා­රික ලසන්ත අල­ගි­ය­වන්න මහ­ත්ව­රුද, ප්‍රාදේ­ශීය සභා හිටපු සභා­ප­ති­ව­රුන්, මන්ත්‍රී­ව­රුන් ඇතුළු පාක්ෂි­කයෝ ද සහ­භාගි වූහ.

Previous Post

බෝග සුභසාධන ගෙවීම් යෝජනා ක්‍රමය අද පාර්ලිමේන්තුවේදී විවාදයට

Next Post

ඉදිරි වසර දෙකේදී ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය පහළට — ලෝක බැංකුව

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඉදිරි වසර දෙකේදී ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය පහළට — ලෝක බැංකුව

ඉදිරි වසර දෙකේදී ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය පහළට — ලෝක බැංකුව

Discussion about this post

RECOMMENDED NEWS

නේපාලයේ බිහිසුණු අනතුරක් – 17ක් මරුට

නේපාලයේ බිහිසුණු අනතුරක් – 17ක් මරුට

8 months ago
Iran President Reportedly Moves to Resign, Citing Exclusion From Key Decisions

Iran President Reportedly Moves to Resign, Citing Exclusion From Key Decisions

5 months ago
ඉන්ධන මිල සංශෝධනයක් – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

ඉන්ධන මිල සංශෝධනයක් – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

8 months ago
දැඩි දේශපාලන අර්බුදයක් මැද්දේ බංගලාදේශ මහ මැතිවරණය අද

දැඩි දේශපාලන අර්බුදයක් මැද්දේ බංගලාදේශ මහ මැතිවරණය අද

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology