Reported Journalist:Zamil Shafeek

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) හඳුන්වා දුන් නව ක්රිකට් නීති ඔක්තෝබර් 1 වැනිදා සිට ක්රියාත්මක කර තිබේ.නව නීති අතර ප්රධාන වෙනසක් වන්නේ පිතිකරුවන් පන්දුවට මුහුණදීමට ප්රමාද වීම සම්බන්ධයෙන් දඬුවම් ලකුණු ලබාදීමයි.
එකම ඉනිමකදී පිතිකරුවෙකු අවස්ථා තුනකදී නියමිත වේලාවට පන්දුවට මුහුණදීමට සූදානම් නොවුවහොත්, පන්දු රකින කණ්ඩායමට ලකුණු 5ක දඬුවමක් හිමි වේ.පළමු අවස්ථාවේදී අනතුරු ඇඟවීමක් සහ දෙවැනි අවස්ථාවේදී අවසන් අනතුරු ඇඟවීමක් ලබාදෙන අතර, තෙවැනි සහ ඉන් පසු ප්රමාදයන් සඳහා ලකුණු 5ක දඬුවමක් ලබාදීමට විනිසුරුවරයාට හැකිය.
නව පිතිකරුවෙකුට පළමු පන්දුවට මුහුණදීම සඳහා මිනිත්තු දෙකක කාලයක් ලබාදෙන අතර, එම කාලය තුළ සූදානම් නොවන්නේ නම් ‘Time Out’ නීතිය ක්රියාත්මක වේ. ටෙස්ට් තරගවලදී ප්රමාද සම්බන්ධ අනතුරු ඇඟවීම් සෑම පන්දුවාර 80ක් අවසන් වූ පසු නැවත බිංදුවේ සිට ගණනය කෙරේ.එමෙන්ම පිරිමි, කාන්තා සහ කනිෂ්ඨ ක්රිකට් සඳහා භාවිත කරන පන්දු සම්බන්ධයෙන් නව ප්රමිතීන් හඳුන්වා දී ඇති අතර, දිවා තරග සඳහා රෝස පැහැති පන්දු භාවිත කිරීමටද අවසර ලබාදී තිබේ.
පන්දුව ‘settled’ වී ඇති අවස්ථාව සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීම් එක්කර ඇති අතර, Run-out සහ Stumping අවස්ථාවලදී කඩුල්ල බිඳ දැමීමට පෙර පන්දුව පන්දු රකින ක්රීඩකයාගේ හෝ කඩුලු රකින්නාගේ සම්පූර්ණ පාලනය යටතේ තිබිය යුතු බවද නව නීතිවල පැහැදිලි කර ඇත.












Discussion about this post