Reported Journalist:Zamil Shafeek

කෘත්රිම බුද්ධිය, ඩිජිටල්කරණය සහ ස්වයංක්රීයකරණය හේතුවෙන් ගෝලීය රැකියා වෙළෙඳපොළ ශීඝ්රයෙන් වෙනස් වෙමින් පවතින බැවින්, එම වෙනස්කම්වලට ගැළපෙන පරිදි මෙරට තරුණ පරපුර සූදානම් කළ යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඒ සඳහා තීරණාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය, තාක්ෂණික සාක්ෂරතාව, නායකත්ව හැකියාව සහ අඛණ්ඩව දැනුම යාවත්කාලීන කරගැනීමේ හැකියාව තරුණ පරපුර තුළ වර්ධනය කිරීම අත්යවශ්ය බවද අග්රාමාත්යවරිය සඳහන් කළාය.කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ඊයේ (03) පැවති ජාත්යන්තර වෘත්තීය සහ අධ්යාපන ප්රදර්ශනයේ (iCEE 2026) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව ප්රකාශ කළාය.
විශ්වවිද්යාල අධ්යාපනයට මෙන්ම වෘත්තීය හා තාක්ෂණික අධ්යාපනයටද සමාන වටිනාකමක් ලබාදෙන අධ්යාපන ක්රමයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇය පැවසුවාය.උසස් පෙළින් ඉහළම දක්ෂතා දක්වන සිසුන් 200 දෙනෙකුට ජාත්යන්තර අත්දැකීම් ලබාදීම සඳහා 2025 සිට 2033 දක්වා රුපියල් මිලියන 4,000ක් වෙන් කර ඇති බවත්, ඉන් රුපියල් මිලියන 600ක් මෙම වසර සඳහා වෙන් කර ඇති බවත් අග්රාමාත්යවරිය සඳහන් කළාය.
එමෙන්ම මහපොළ මාසික දීමනාව ලබන සිසුන් සංඛ්යාව 63,000කට ආසන්න මට්ටමකටත්, ශිෂ්යාධාර ලබන සිසුන් සංඛ්යාව 29,000කට ආසන්න මට්ටමකටත් වැඩි කර ඇති බවද ඇය පැවසුවාය.රටක සැබෑ ශක්තිය දැනුම, කුසලතා සහ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් මානව සම්පත මත රඳා පවතින බැවින්, අනාගත අභියෝගවලට මුහුණදිය හැකි තරුණ පරපුරක් බිහිකිරීම රජයේ ප්රධාන අරමුණක් බවද අග්රාමාත්යවරිය අවධාරණය කළාය.













Discussion about this post