Reported Journalist:Zamil Shafeek

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ අංක 06 ගමන් මලු පටිය අසල අතහැර දමා තිබූ ගමන් මලු දෙකකින් රුපියල් මිලියන 320ක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්රව්ය තොගයක් අද (15) අලුයම සොයාගෙන තිබේ.
ගුවන්තොටුපළ පොලිස් මත්ද්රව්ය නාශක අංශය සඳහන් කළේ, වාතය ඇතුළු නොවන ලෙස සකස් කළ පැකට් 60ක අසුරා තිබූ මත්ද්රව්ය ගමන් මලු දෙක තුළ සඟවා තිබූ බවයි.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ UL-405 දරන ගුවන් යානයෙන් පැමිණි මගියෙකු විසින් මෙම ගමන් මලු රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, අත්අඩංගුවට පත්වීමේ බිය හේතුවෙන් එම මගියා ගමන් මලු අතහැර ගුවන්තොටුපළෙන් පලාගොස් ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිස් මත්ද්රව්ය නාශක අංශය CCTV දර්ශන පරීක්ෂා කරමින් සිටින අතර, ශ්රී ලන්කන් ගුවන් සේවයේ සහාය ඇතිව අදාළ මගියා හඳුනාගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.













Discussion about this post