Reported Journalist:Zamil Shafeek

අමෙරිකාව විසින් වෙනිසියුලාවේ ඔප්පු කළ දැවැන්ත තෙල් සංචිතවලින් බැරල් බිලියන 65කට වැඩි ප්රමාණයක බහුතර පාලනය අත්පත් කරගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ.
පෞද්ගලික සමාගම් සමඟ හවුල්කාරිත්වයක් ඔස්සේ මෙම පාලනය ලබාගෙන ඇති බව ට්රම්ප් සඳහන් කර ඇත.
වෙනිසියුලාවේ අක්රීයව පවතින තෙල් කර්මාන්තය යළි නංවාලීම සහ අමෙරිකාවට ස්ථාවර බොරතෙල් සැපයුමක් ලබාගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.
අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇත්තේ මෙම ගිවිසුම මඟින් අමෙරිකාවට අඩු වියදම් තෙල් සැපයුමක් ලබාගැනීමටත්, ඉන්ධන මිල පහළ දැමීමටත් හැකි වනු ඇති බවයි.
කෙසේ වෙතත්, ගිවිසුමේ නීතිමය සහ මූල්ය ව්යුහය මෙන්ම අමෙරිකාව තෙල් සංචිත සම්බන්ධයෙන් බහුතර පාලනය ක්රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරු ඉදිරිපත් කර නොමැත.













Discussion about this post