Reported Journalist:Zamil Shafeek

රුසියාවේ ප්රමුඛ ගුවන් සමාගමක් වන S7 Airlines විසින් සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් නගරය සහ කොළඹ අතර නව සෘජු ජාත්යන්තර ගුවන් සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
නව ගුවන් සේවය 2026 දෙසැම්බර් 20 වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිත බව S7 Airlines හි නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
ඒ අනුව සයිබීරියාව සහ ශ්රී ලංකාව අතර සෘජු ගුවන් සම්බන්ධතාවක් ඇති වන අතර, රුසියානු සංචාරකයින්ට කොළඹ මෙන්ම හික්කඩුව, බෙන්තොට සහ ත්රිකුණාමලය ඇතුළු ජනප්රිය සංචාරක ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා වීමට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම ගුවන් ගමන් සතියකට දෙවරක්, බ්රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
නොවොසිබිර්ස්ක්හි ටොල්මාචෙවෝ ගුවන්තොටුපළෙන් පිටත්වන ගුවන් යානා පස්වරුවේ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළට ළඟා වීමට නියමිත අතර, කොළඹින් ආපසු පිටත්වන ගුවන් යානා පසුදා අලුයම නොවොසිබිර්ස්ක් වෙත ළඟා වනු ඇත.
ගුවන් ගමන අතරතුර ඉන්දියාවේ ජයිපූර්හි තාක්ෂණික ඉන්ධන පිරවීමේ නැවතුමක් සිදු කිරීමට නියමිත අතර, එහිදී මගීන්ට යානයෙන් බැසීමට අවශ්ය නොවන බව සඳහන් වේ.
සම්පූර්ණ ගමන් කාලය පැය 10කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













Discussion about this post