• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ජාතියේ යශෝරාවය දැයෙන් සමුගනී

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Local, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

82 වැනි වියේ පසුවූ නන්දා මාලිනී මහත්මිය පසුගිය 20 වැනිදා නාවල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූවාය.1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ ඇය කුඩා අවධියේ සිටම සිය ගායන හැකියාවන් ප්‍රකට කළාය. පසුව කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ ‘ළමා මණ්ඩපය’ ගුවන්විදුලි වැඩසටහන ඔස්සේ ඇගේ සංගීත දිවියට නව මාවතක් විවර විය.‘බුදු සාදු’ ගීතය හරහා ජනප්‍රියත්වයට පත් වූ නන්දා මාලිනී මහත්මිය, 1961 වසරේ ‘රන්මුතු දූව’ චිත්‍රපටය වෙනුවෙන් නාරද දිසාසේකර මහතා සමඟ ගායනා කළ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය හරහා සිනමා සංගීතයටද පිවිසියාය.

දශක ගණනාවක් පුරා ඇය ගායනා කළ ගීත රැසක් ශ්‍රී ලාංකීය රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ අතර, ‘පෙරදා මහ රෑ’, ‘පහන් කන්ද’, ‘පවන’, ‘තාරුකා ඇස්’, ‘පාවෙනා’, ‘කිඳුරියකගේ විලාපය’, ‘පෙම්බර ලංකා’ සහ ‘ඔබයි රම්‍ය සඳ කිරණ’ ඇතුළු ගීත අදටත් රසික හදවත් තුළ රැඳී පවතී.ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඇය සම්මාන රැසකින්ද පිදුම් ලැබුවාය.

නන්දා මාලිනී මහත්මියගේ දේහය නාවල පිහිටි නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර, දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වූහ.ඊයේ පස්වරු 3.30ට පමණ නාවලින් පිටත් වූ දේහය රැගත් රිය පෙරහැර පස්වරු 5ට පමණ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ළඟා විය.

ඇගේ අවසන් කැමැත්තට අනුව කිසිදු උත්සවයකින් තොරව අවසන් කටයුතු සිදු කෙරුණු අතර, දශක ගණනාවක් පුරා මෙරට සංගීතයට ඇය එක් කළ අමරණීය දායකත්වය සමඟ නන්දා මාලිනී මහත්මිය ඊයේ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සදහටම සමුගත්තාය.

Previous Post

හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කෙරේ

Next Post

සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

Discussion about this post

RECOMMENDED NEWS

தங்காலைக்கு ஓடிச்சென்று மகிந்தவை சந்தித்த விமல் வீரவன்ச

1 year ago
Astec Trading Company Opens New Showroom in Colombo

Astec Trading Company Opens New Showroom in Colombo

4 months ago
මඩකළපුවේ වන අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මියයයි – 3 දෙනෙකුට බරපතල තුවාල

මඩකළපුවේ වන අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මියයයි – 3 දෙනෙකුට බරපතල තුවාල

8 months ago
“One Whistle” Netball Tournament Returns for 4th Consecutive Year at Colombo Malay Grounds

“One Whistle” Netball Tournament Returns for 4th Consecutive Year at Colombo Malay Grounds

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology