Reported Journalist:Zamil Shafeek

ඉරානය යුද්ධය ජයග්රහණය කර ඇති බවත්, එම ජයග්රහණය තහවුරු කරමින් දිගුකාලීන ස්ථාවරත්වයක් ගොඩනැගීම දැන් ප්රමුඛ වගකීම බවත් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් ප්රකාශ කර තිබේ.
ඉරාන පාර්ලිමේන්තු සම්බන්ධීකරණ කවුන්සිලයේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රටේ ජනතාව දීප්තිමත් අනාගතයක් පිළිබඳ විශ්වාසය පවත්වා ගත යුතු බවයි.
එමෙන්ම ශක්තිමත් ඉරානයක් ගොඩනැගීම සඳහා අවශ්ය පියවර කඩිනමින් ආරම්භ කළ යුතු බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් උත්තරීතර නායකයාගේ විධායක බලතල ශක්තිමත් කිරීම වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඔහු සඳහන් කළ යුද ජයග්රහණය සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් ප්රකාශයට පත් වී නොමැත.













Discussion about this post