Reported Journalist:Zamil Shafeek

ශ්රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපතිවරයා ලෙස වසර හයක සේවා කාලය සම්පූර්ණ කළ ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) සහ ඔහුගේ බිරිඳ ශ්රී ලංකාවෙන් නික්ම යාමට සූදානම් වී තිබේ.
සිය ධුර කාලය අවසන් කරමින් නිකුත් කළ සමුගැනීමේ ප්රකාශයේදී, “සමුගනිමු ලංකා; කඳු හෙල් සහ සාගර තරණය කරමින් අපි එකිනෙකාගේ කතාව ඉදිරියට ලියමු” යන තේමාව යටතේ ශ්රී ලංකාව හා ශ්රී ලාංකික ජනතාවට සිය කෘතඥතාව පළ කර ඇත.තම රාජ්යතාන්ත්රික ජීවිතයේ දීර්ඝතම සේවා කාලය ශ්රී ලංකාවේ ගත කළ බව සඳහන් කළ තානාපතිවරයා, එම කාලය තුළ දෙරට අතර මිත්රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වූ බව අවධාරණය කළේය.
කොවිඩ්-19 වසංගතය, ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය, ස්වාභාවික ආපදා සහ ගෝලීය බලශක්ති අර්බුදය වැනි අභියෝගාත්මක අවස්ථාවන්හිදී චීනය සහ ශ්රී ලංකාව එකිනෙකාට අඛණ්ඩ සහාය ලබාදුන් බවද ඔහු සිහිපත් කළේය.එමෙන්ම, ඓතිහාසික රබර්–සහල් ගිවිසුමෙන් ගොඩනැගුණු විශ්වාසය, ස්වාධීනත්වය සහ අන්යෝන්ය සහයෝගීතාව දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මූලික පදනම වූ බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි වසරේදී චීනය සහ ශ්රී ලංකාව අතර රාජ්යතාන්ත්රික සබඳතාවලට වසර 70ක් සපිරෙන බව පෙන්වා දුන් තානාපතිවරයා, වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ඩිජිටල් පරිවර්තනය, නව බලශක්ති සහ සාගර ආර්ථිකය ඇතුළු ක්ෂේත්ර රැසක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට චීනය කැපවී සිටින බවද ප්රකාශ කළේය.
සිය සමුගැනීමේ පණිවිඩය අවසානයේ ශ්රී ලංකාවේ රජය, පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ, ආගමික නායකයන්, මාධ්යවේදීන් සහ සමස්ත ශ්රී ලාංකික ජනතාවට ස්තුතිය පළ කළ තානාපති ෂී ෂෙන්ග්හොන්ග්, තමන් කොතැනක සිටියද ශ්රී ලංකා–චීන මිත්රත්වය වෙනුවෙන් අඛණ්ඩව කැපවන බව සඳහන් කළේය.













Discussion about this post