Reported Journalist:Zamil Shafeek

ශ්රී ලංකාවේ වාර්ෂික ලොකු ලූණු අවශ්යතාවයෙන් සියයට 50ක ප්රමාණයක් රට තුළම නිෂ්පාදනය කර ගැනීම සඳහා සැලසුම් ක්රියාත්මක කරමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට වාර්ෂික ලොකු ලූණු පරිභෝජනය මෙට්රික් ටොන් 320,000ක් පමණ වන අතර, ඉතිහාසයේ ඉහළම ලොකු ලූණු නිෂ්පාදනයක් වාර්තා වී ඇත්තේ 2014 වසරේදීය. එම වසරේදී හෙක්ටයාර් 6,000කින් මෙට්රික් ටොන් ලක්ෂයක පමණ අස්වැන්නක් ලබාගෙන තිබේ.
නැවතත් ගොවීන් ලොකු ලූණු වගාව වෙත යොමු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, නව තාක්ෂණික ක්රම භාවිතයෙන් වගා කටයුතු සිදු කිරීම එහි ප්රධාන අරමුණක් වී ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්යාපෘති හා පුහුණු අධ්යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේ, නව තාක්ෂණික ක්රම භාවිතයෙන් අක්කරයකින් ලබාගත හැකි ලොකු ලූණු අස්වැන්න ඉහළ නැංවීමටත්, අඩු නිෂ්පාදන වියදමකින් වගාව සිදු කිරීමටත් ගොවීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, මෙවර යල කන්නයේ අස්වැන්න තුළින් අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමට හැකි වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.













Discussion about this post