Reported Journalist:Zamil Shafeek

“ගම් දහසක් වැඩ දහසක්” ගම්පහ දිස්ත්රික් සමාරම්භයග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ග්රාමීය සංවර්ධන කාර්යංශය හා ප්රජා ශක්ති මහලේකම කාර්යාලය එකව ක්රියාත්මක කරන දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ප්රජා ශක්ති වැඩසටහන වෙනුවෙන් 2026 අයවැය ප්රතිපාදනය යටතේ වෙන් කළ රුපියල් මිලියන 25,0000ක මුදලින් දිවයිනේ සෑම ග්රාමසේවා වසමක් තුලම සංවර්ධන ව්යාපෘති පසුගිය 2 වනදා ආරම්භ කළා.
“ගම් දහසක වැඩ දහසක්” යන තේමාව යටතේ සංවර්ධන ව්යාපෘති දහසක් සෑම පරිපාලන දිස්ත්රික්ම ආවරණය වන ලෙස ප්රජා ශක්ති සංවර්ධන ව්යාපෘති ආරම්භ කළ අතර ගම්පහ දිස්ත්රික්කයේ, මහර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අඹගස්පිටිය ග්රාම සේවා වසමේ, පින්වල අමුණ ප්රතිසංකරණ කටයුතු මාගේ ප්රධානත්වයෙන ආරම්භ කළා.මෙම අවස්තවට ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, පාර්ලිමේන්තු නියෝජ්ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, අතිරේක ලේකම් මේනක හේරත් මහතා, ගම්පහ දිස්ත්රික් ලේකම්තුමන්, මහර ප්රාදේශීය ලේකම්තුමන්, මහර ප්රාදේශීය සභා සභාපතිතුමන්, ප්රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්ය නිලධාරීන්, ප්රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එකව සිටියා.













Discussion about this post