• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

Sri Lanka CERT වෙතින් ව්‍යාජ රථවාහන දඩ පණිවුඩ ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රී ලංකා CERTආයතනයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්මාර්ග වල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැගෙන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටී.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙම ව්‍යාජ පණිවුඩ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිල දැනුම්දීම් ලෙස පෙනී යන අයුරින් සකස් කර ඇති අතර, ව්‍යාජ දුරකථන අංක සහ සබැඳි (Links) භාවිත කරමින් ජනතාව වෙත යොමු කරනු ලබන බවට නිරීක්ෂණය වී ඇත.අදාළ පණිවුඩ මඟින් පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවියක් වෙත යොමු කරමින්, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් ලබා දේ.

මෙම වෙබ් අඩවි‍ය රජයේ නිල ‘GovPay’ ගෙවීම් පද්ධතියට බෙහෙවින් සමාන වන අයුරින් නිර්මාණය කර ඇති බැවින්, සාමාන්‍ය ජනතාව නොමඟ යාමේ දැඩි අවදානමක් පවතී.මෙවැනි ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස ගෙවීම් සිදු කරන අවස්ථාවලදී, ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්පත් තොරතුරු, OTP කේත, ජාතික හැඳුනුම්පත් තොරතුරු සහ අනෙකුත් සංවේදී පෞද්ගලික දත්ත වංචාකරුවන් සතු විය හැකි බව ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරයි.

ඒ අනුව, මහජනතාව පහත කරුණු පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතුය.

1.SMS හෝ WhatsApp මඟින් ලැබෙන සැකකටයුතු සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින්න.

2.දඩ මුදල් ගෙවීමට පෙර වෙබ් අඩවියේ නිලභාවය තහවුරු කරගන්න.

3.නොදන්නා හෝ සැකසහිත වෙබ් අඩවිවලට බැංකු හෝ කාඩ්පත් තොරතුරු ලබා නොදෙන්න.

4.OTP කේත හෝ පුද්ගලික තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට ලබා නොදෙන්න.

5.සැකකටයුතු පණිවුඩ හෝ වෙබ් අඩවි පිළිබඳව වහාම ශ්‍රී ලංකා CERT ආයතනය හෝ ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දෙන්න.

තවද, ‘GovPay’ පද්ධතිය හරහා රථවාහන දඩ මුදල් ගෙවීම සිදු කළ යුත්තේ පොලිස් නිලධාරියෙකු විසින් නිල වශයෙන් වරදක් දැනුම් දීමෙන් සහ නිල දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමෙන් පසුව පමණක් බව ද ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාවට සිහිපත් කරයි.ශ්‍රී ලංකා CERT ආයතනය සියලුම අන්තර්ජාල සහ ඩිජිටල් සේවා භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි සයිබර් වංචා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසයි.

Previous Post

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

Next Post

වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post

වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Discussion about this post

RECOMMENDED NEWS

ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

11 months ago
ශ්‍රී ලංකාව – එංගලන්තය පළමු එක්දින තරගය අද කොළඹදී

ශ්‍රී ලංකාව – එංගලන්තය පළමු එක්දින තරගය අද කොළඹදී

9 months ago
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නොසන්සුන්තාවක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නොසන්සුන්තාවක්

9 months ago
මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන

මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology