Reported by: Musharraf Hussain

මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්ය ප්රකාශිකාව වන Fatemeh Mohajerani පවසයි.ඇය රාජ්ය මාධ්ය වෙත ප්රකාශ කර ඇත්තේ, එම කාලය තුළ පාසල් 120කට පමණ දැඩි හානි සිදුව ඇති බවයි.
එමෙන්ම Azadi Tower පිහිටා ඇති Tehran නගරයේ ද දැඩි හානි සිදුව ඇති බවද ඇය සඳහන් කළාය.Islamic Republic News Agency (IRNA) ප්රවෘත්ත ඒජන්සිය, ඉරාන අධ්යාපන අමාත්යංශයේ ප්රකාශයක් උපුටා දක්වමින් වාර්තා කළේ පාසල් සිසුන් සහ ගුරුවරුන් 161කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.ඇමරිකානු සහ ඊශ්රායල ප්රහාර හේතුවෙන් පුද්ගලයින් 42,914 දෙනෙකුට අයත් දේපළ විනාශ වී ඇති බව Iranian Red Crescent Society සඳහන් කරයි.
එම දේපළ අතරින් ගොඩනැගිලි 6,179ක් වාණිජමය වටිනාකමකින් යුක්ත වන අතර, ගොඩනැගිලි 36,489ක් නිවාස ලෙස පවතින බව වාර්තා වේ.ඒ අතරින් ගොඩනැගිලි 10,000කට ආසන්න ප්රමාණයක් Tehran නගරයේ පිහිටා තිබූ බව විදෙස් මාධ්ය වාර්තාවල සඳහන් වේ.එමෙන්ම රට පුරා පිහිටි වෛද්ය, සෞඛ්ය සහ හදිසි මධ්යස්ථාන 160කට වැඩි ප්රමාණයකට ද හානි සිදුව ඇති බව එම මාධ්ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
_













Discussion about this post