Reported Journalist:Zamil Shafeek

සංශෝධිත ජාතික පාරිසරික පනත පිළිබඳ පරිසරවේදීන් දැනුවත් කෙරේවර්තමානයට ගැළපෙන පරිදි ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම සම්බන්ධව පරිසරවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (25) මධ්යම පරිසර අධිකාරීයේ ශ්රවණාගාරයේදි සිදු කෙරිණ. පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි, නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි හා පරිසර අමාත්යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පරිසර අමාත්යංශය හා මධ්යම පරිසර අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.පරිසර සංරක්ෂණය සහ තිරසාර කළමනාකරණය සඳහා වන නියාමන ක්රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ ප්රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම මෙම සංශෝධනයන්හි මූලික අරමුණයි.ඕනෑම පාරිසරික සංරක්ෂණ යෝජනාවක සාර්ථකත්වය රඳා පවතින්නේ මහජන සහභාගීත්වය මත බව රජයේ විශ්වාසයයි. එහි දී පරිසර සංරක්ෂණය අරමුණු කරගත් ප්රජා සංවිධාන වෙත සුවිශේෂී කාර්යභාරයක් පැවරේ. පනත් සංශෝධනයේදී ක්ෂේත්රයේ ප්රායෝගිකව නියැලෙන පරිසරවේදීන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීම සඳහාත් තීරණ ගැනීමේ ක්රියාවලියට සිවිල් සංවිධාන සක්රීයව දායක කර ගැනේ. දශක කිහිපයක් පැරණි ජාතික පාරිසරික පනත, නූතන පාරිසරික අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් නීතිමය රාමුවක් දක්වා පරිවර්තනය කිරීම මෙහි අපේක්ෂාවයි. මෙහිදී කාර්මික දූෂණය පාලනය, අපද්රව්ය කළමනාකරණය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධ නියාමන කටයුතු තවදුරටත් දැඩි කිරීමට නියමිතය.මෙහිදී ඉදිරිපත් වූ අදහස් ඉදිරි සංශෝධන කෙටුම්පත් සකස් කිරීමේදී සලකා බැලීමට නියමිත බව ද වැඩිදුරටත් අවධාරණය කෙරිණි.මෙම අවස්ථාවට පරිසර අමාත්යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල,පරිසරවේදි ආචාර්ය රවින්ද්ර කාරියවසම්, මධ්යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් , අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මධ්යම පරිසර අධිකාරියේ නිධාරීන්, ප්රමුඛ පෙළේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.













Discussion about this post