Reported Journalist:Zamil Shafeek

වසරකදී ආර්ථික දේශපාලන-සංස්කෘතික සමාජයීය ප්රගමනයක් ස්ථාපිත කළානි.ඇමැති ප්රසන්න ගුණසේනආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජයීය ප්රගමනයක් රට තුළ ස්ථාපිත කිරීමට වසරක් තුළදී වත්මන් ආණ්ඩුවට හැකි වූ බව ප්රවාහන සහ මහාමාර්ග නියෝජ්ය ඇමැති ප්රසන්න ගුණසේන මහතා පැවැසීය.නියෝජ්ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.“වසරක් තුළ දී දේශපාලන සංස්කෘතිය වෙනස් කර අපි පෙන්නුවා. එහි එක් ප්රතිඵලයක් තමයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප අහෝසි කිරීම. 2025 වසරේ දී ඩොලර් මිලියන 1733ක් ජංගම ගිණුම අපි පෙන්නුවා. තේ කඩයක්වත් නොකළ ජවිපෙ රටක් කරලා පෙන්නුවේ එහෙමයි. අපේ රටේ ශ්රමිකයා පිටරට ගොස් මුදල් ඉපැයීම නිසා ඩොලර් බිලියන 8.1ක් ලැබුණා.ඉතිහාසයේ වැඩිම. මෙරට නිෂ්පාදන හා සේවා පිටරටට යැවීමෙන් එන ඩොලර් ප්රමණය ඩොලර් බිලියන 17.21යි. 2024 වසරට සාපේක්ෂව පහයි දශම හයක වර්ධනයක්. භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලැබූ ආදායම් පෙන්නුවා.සංචාරක කර්මාන්තයේ වැඩිම ආදායමක් ලැබුණා. අපි තැබූ වාර්තාවන් අපි කඩ කඩා යනවා. 2025 සංචාරකයන් පැමිණීම 252,761යි. 2026 වන විට 270,327යි. ඩොලර් ආදායම පමණක් නොව රුපියල් ආදායමත් අපි ස්ථාවර කර තිබෙනවා.රේගුව රුපියල් බිලියන 2500කට වැඩි ආදායමක් ලැබුවා. සුරාබදු රුපියල් බිලියන 230යි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2200කට වැඩියි. ජාජබයේ විචක්ෂණ දක්ෂ කැපවීම නිසා මේ දේවල් අපි ලබා ගත්තා. දූෂණයක් නැතිකමෙන් මේ දේවල් අපි ළඟාකර ගත්තා.රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ගුරු වෘත්තිය ඉහළ තැනකට ගෙනඒමට කටයුතු කළා. මේ ආණ්ඩුව වැටෙන ආණ්ඩුවක් නෙවෙයි.












Discussion about this post