
“අස්වැසුම” වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස නිවැරදිව හඳුනාගැනීම සඳහා යාවත්කාලීන සහ නිවැරදි දත්ත පද්ධතියක් ඇති කළ යුතු බව ලෝක බැංකු නියෝජිතයින් පවසයි.
එම පද්ධතිය ඔස්සේ දිළිඳු හා අවදානම් මට්ටමේ පවුල් හඳුනාගෙන ප්රතිලාභ අවශ්ය පිරිසට නිවැරදිව ලබාදිය හැකි බවත්, මෙය රටට ඵලදායී ආයෝජනයක් වන බවත් ඔවුන් අවධාරණය කළහ.

මෙම අවස්ථාවට මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය, ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා, ගරු මන්ත්රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ නිලධාරීන් එක්ව සිටියහ.ග්රාමීය කමිටු මගින් ප්රතිලාභීන් තෝරාගැනීම, නම් ප්රදර්ශනය කිරීම සහ නිලධාරීන්ට නිසි තොරතුරු ලබාදීම වැනි ක්රියාමාර්ගවලින් විනිවිද භාවය සහ වැඩසටහනේ සාර්ථකත්වය තහවුරු කළ හැකි බව මන්ත්රීවරුන් සඳහන් කළහ.













Discussion about this post