• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

324 මිලියන වියදමකින් ඉදි කළ මඩකළපුව හෘද රෝග ඒකකය ජනතාවට භාවිතයට

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කරමින් රුපියල් මිලියන 324 ක පිරිවැයක් යටතේ ඉදි කරනු ලැබූ හෘද රෝග ඒකකයේ පළමු අදියර විවෘත කිරීම සහ  ප්‍රතිසංස්කරණය කරන ලද ආමාශ හා ආන්ත්‍රික ඒකකය සහ අක්මා ඒකකය විවෘත කිරීම අද (18) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 05 කින් යුක්ත වේ. වර්ග මීටර් 4,328 කින් යුත් මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ බිම් මහලේ සායන, එක්ස් කිරණ ඒකක (X-Ray) සහ  ECG පරීක්ෂණ ඒකක වලින් යුක්ත වන අතර, පළමු මහල කැතීටරීකරණ රසායනාගාරය (කැත් රසායනාගාරය) සහ කිරීටක සත්කාර ඒකකය (CCU) කින් යුක්තය. දෙවන මහල ශල්‍යාගාර සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SICU) කින් යුක්ත වන අතර, තුන්වන සහ හතරවන මහල් ඇඳන් 80 කින් යුත් වාට්ටු වලින් සමන්විතය.මෙහි ඉදිකිරිම් කටයුතුවලට අදාළ  උපදේශන සේවා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) විසින් සිදු කරනු ලබයි.විවෘත කිරීම් වලින් අනතුරුව පැවැති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා මෙම රෝහල දිගු කලක් තිස්සේ නැගෙනහිර පළාතේ තෘතීයික සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටිය වී ඇති බවත් වසර ගණනාවකට පෙර සුළු පහසුකම් සහිතව ආරම්භ වූ මෙම රෝහල මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව නැගෙනහිර පළාත පුරා සිටින රෝගීන්ට ද ප්‍රතිකාර කරන ප්‍රමුඛ ආයතනයක් දක්වා වර්ධනය වී ඇති බව පැවසීය.2005/2006 වසර වල දී වෛද්‍යවරයෙකු ලෙස මෙම රෝහලේ තමන්ට සේවය කිරීමේ වරප්‍රසාදය ලැබුණ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා මඩකලපුව ශික්ෂණ රෝහලේ අඛණ්ඩ සංවර්ධනය සඳහා තමන් දැඩි ලෙස කැපවී කටයුතු කරන බව ද පැවසීය.හෘද රෝග ඒකකය විවෘත කිරීමත් සමඟ මඩකළපුව දිස්ත්‍රික්කය  සඳහා වු විශේෂඥ සෞඛ්‍ය සේවාවේ නව පරිවර්ථනීය පරිච්ඡේදයකට පිවිසෙන බව ද අවධාරණය කරන ලදි.මෙම සන්ධිස්ථානයට සමගාමීව, නැගෙනහිර පළාතේ ජනතාවට ලබා ගත හැකි විශේෂඥ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රෝහල තුළ නව ආමාශ ආන්ත්‍ර විද්‍යාව සහ හෙපටෝබිලියරි ඒකකය ද අද දින ආරම්භ කළ බව ද  මෙම වර්ධනයන් මගින් සංකීර්ණ ප්‍රතිකාර සඳහා රෝගීන්ට දිගු දුර ගමන් කිරීමට ඇති අවශ්‍යතාවය අඩු කරනු ඇති බව ද අමාත්‍යවරයා  අවධාරණය කරන ලදි.මෙම ව්‍යාපෘති නිම කිරීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධ කැපවීම සහ දැක්මෙහි ප්‍රතිඵලයක් බව ද ඊට දායක වූ සැමට කෘතඥතාව පළ කරන බව ද පැවසීය.මඩකලපුව ශික්ෂණ රෝහලේ පහසුකම් පුළුල් කිරීම, මානව සම්පත් ශක්තිමත් කිරීම සහ නවීන උපකරණ වැඩි දියුණු කිරීම ද ඉදිරියේ දි අඛණ්ඩ සිදු කරන බවත්, දිගු කලක් තිස්සේ බලා සිටි මහල් හයකින් යුත් වෛද්‍ය සංකීර්ණය සම්පූර්ණ කරන බවත්, හදිසි අනතුරු සහ හදිසි සේවා ගොඩනැගිල්ලේ අතිරේක මහල් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් නැගෙනහිර පළාතේ ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට රෝහලේ ධාරිතාව බෙහෙවින් වැඩි දියුණු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නැගෙනහිර පළාතේ ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවන් ලබාදීම උදෙසා සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නන්වා ඇති  අතර, අතරමඟ ඇණහිට ඇති ව්‍යාපෘති ද සැලසුම් සහගත වැඩපිළිවෙලක් තුළ ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත. අද දින ජනතා අයිතියට පත් කරන ලද මඩකළපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරිම් 2018 වසරේ ආරම්භ කර තිබුණි.පසුගිය ජුලි මස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ එකම ශික්ෂණ රෝහල වන මඩකළපුව රෝහලේ නිරීක්ෂණයට එක්වෙමින් කියා සිටියේ පසුගිය කාලය තුළ තම නිරීක්ෂණයට ලක් වු රෝහල් අතර අඩුපාඩු වැඩිම රෝහල මඩකළපුව රෝහල බවයි. පසුගිය කාලය පුරා අත්‍යාවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් සිදු ව නොමැති බවත්, එම ගැටලු නිරාකරණයට පියවරෙන් පියවර කටයුතු කරමින් රෝහලේ භෞතික හා මානව සම්පත් අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහි දී පැවසීය.මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, , මඩකළපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ.මුරලීතරන්, මඩකළපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීස්වරන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඉංජිනේරු කේ.එම්.සී. කුරුප්පු, මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කේ. ගනේසලිංගමි කලාරංජනී, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මයිතිලි බාර්තෙලොට් යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

“Fix It or Resign!” – Minister Slams Railway Officials Over Poor Service

Next Post

ඖෂධ හා ආයුර්වේද කර්මාන්තය සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඖෂධ හා ආයුර්වේද කර්මාන්තය සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී

ඖෂධ හා ආයුර්වේද කර්මාන්තය සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී

Discussion about this post

RECOMMENDED NEWS

Sixth Edition of Hameedians Sevens Set to Kick Off in Colombo

Sixth Edition of Hameedians Sevens Set to Kick Off in Colombo

5 months ago
විදේශ ඇමති සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික ඉහළම නිලධාරිනිය අතර සාකච්ඡාවක්

විදේශ ඇමති සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික ඉහළම නිලධාරිනිය අතර සාකච්ඡාවක්

3 months ago
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

1 year ago
දිට්වා අර්ධ හානි නිවාස සඳහා ලක්ෂ 5 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වයි

දිට්වා අර්ධ හානි නිවාස සඳහා ලක්ෂ 5 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වයි

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology