Reported Journalist:Zamil Shafeek

“තිරසාර අනාගතයක් උදෙසා නගර” යන තේමාව යටතේ ජිනීවා නුවර පැවැත්වෙන 6 වන එක්සත් ජාතීන්ගේ නගරාධිපතිවරුන්ගේ සංසදයේ පළමු දිනයට සහභාගී වීමට කොළඹ නියෝජිතයෙකුට අවස්ථාව හිමිව තිබේ.
එහිදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ඔවුන්ට පහසුවෙන් ප්රවේශ විය හැකි පොදු ස්ථාන හා වඩාත් පහසු පොදු ප්රවාහන සේවා සැපයීම ඇතුළු පහසුකම් ඔස්සේ සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන කොළඹ නගරයක් ගොඩනැගීම සඳහා ගන්නා උත්සාහයන් පිළිබඳව අදහස් දක්වා ඇත.
කිසිවෙකුත් අත්නොහැර, සියලු දෙනාට ගෞරවයෙන් හා සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි නගරයක් නිර්මාණය කිරීම තිරසාර නගර සංවර්ධනයේ මූලික අරමුණ බවද එහිදී අවධාරණය කර තිබේ.













Discussion about this post