Reported Journalist:Zamil Shafeek

ගම්පහ දිස්ත්රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක රාජ්ය ප්රතිපාදන ලබාදීමට පියවර ගෙන තිබේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය සඳහන් කළේ 42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්ය මහෝත්සවයට සමගාමීව මෙම විශේෂ වැඩසටහන ක්රියාත්මක කරන බවයි.
ආගමික ස්ථානවල පහසුකම් සහ යටිතල පහසුකම් ශක්තිමත් කරමින් ආගමික සහජීවනය හා අන්යෝන්ය අවබෝධය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණක් බව අමාත්යාංශය පවසයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහනේ ඉදිරි සංවිධාන කටයුතු සිදුකරනු ලබයි.












Discussion about this post