Reported Journalist:Zamil Shafeek

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇතැයි සඳහන් වන ශ්රී ලාංකික තරුණයෙකුට සමාව ලබාදෙන ලෙස ඉල්ලා වතුකරයේ තරුණයන් පිරිසක් අද (20) හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
ශ්රී ලංකා හින්දු සංවිධාන සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවේදී, සෞදි අරාබියේ සේවය කරන අනෝජන් සිවරාසා නමැති තරුණයා සම්බන්ධයෙන් මානුෂීය මැදිහත්වීමක් සිදුකර ඔහුට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.වාර්තා වන පරිදි, කල්මුණේ ප්රදේශයේදී හින්දු බැතිමතුන්ගේ පාදයාත්රාවකට සම්බන්ධ සිදුවීමක් පිළිබඳව අනෝජන් සමාජ මාධ්ය ඔස්සේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එම ප්රකාශය ඉස්ලාම් ආගමට අපහාසයක් බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව සෞදි බලධාරීන් නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.පසුව අනෝජන් සිය ප්රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා වීඩියෝවක්ද සමාජ මාධ්ය ඔස්සේ පළ කර තිබූ බව වාර්තා වේ.
මීට අදාළව මුලින් වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබූ බවත්, පසුව එම නඩුව සම්බන්ධයෙන් සිදුවූ අභියාචනා ක්රියාවලියකදී දඬුවම මරණ දඬුවම දක්වා වෙනස් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් මහතා ප්රකාශ කර තිබේ.
මේ අතර, අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් සිදුකර ඔහුට සහනයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කර ඇත.













Discussion about this post